Friday, December 23, 2011

කොළඹ ලොකු හෝටල්වලට කුණු කොල්ලෙට එළවළු ගෝනි පිටින්

නරක් වූ ආහාර ගෝනි 3000ක් අත්අඩංගුවට

විජයානි එදිරිසිංහ

කුණු වූ අල පරිප්පු හා හාල් මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කොළඹ හෝටල්වලට සහ වෙළෙඳ සල්වලට සපයන ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වෙයි.

කොළඹ දී මේ ස්ථානය වැටලූ අධිකාරිය කුණු වු ආහාර ද්‍රව්‍ය අඩංගු ගෝනි 3000කට වැඩි ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.



කොළඹ දිස්ත්‍රික් වැටලීම් භාර නිලධාරී ප්‍රදිප් කළුතරආරච්චි මහතා විසින් නරක්වී ඇති අල පරික්‍ෂා කරන අයුරු.

මේ වැටලීම සිදු කරන අවස්ථාවේ දීත් කාන්තාවන් විස්සක් හා පිරිමි තිහක් කුණු වූ එළවළු සුද්ද කොට ගෝනිවලට අසුරමින් සිටියහ. අනාවරණය වී ඇති තොරතුරු අනුව විදේශ රටවලින් ආනයනය කරන මෙවැනි ආහාර ද්‍රව්‍ය කල් ඉකුත් වී කුණු වූ විට ඒවා ගොඩ ගසා තිබුණු ස්ථානයට ගෙන ගොස් සේවකයන් යොදා මෙසේ ගෝනිවලට අසුරන බව අධිකාරියට වාර්තා වී තිබේ.

එසේ අසුරණ ආහාර ද්‍රව්‍ය කොළඹ හෝටල්වලට සහ වෙළෙඳ සල්වලට ඉතා අඩු මිලට සපයන බව හෙළි වී තිබේ.

පාරිභෝගික අධිකාරිය වැටලීම සිදු කරන අවස්ථාවේ අල ගෝනි 2000ක් පරිප්පු ගෝනි 1000ක් සහ හාල් මැස්සන් ගෝනි 15ක් තිබී සොයා ගෙන ඇත. මෙසේ සොයා ගත් අල ගෝනි කුණු වී ඒවායේ සාරය ගලා යමින් තිබූ බවද කියති.

එසේ කුණු වූ අල තේරීමට පමණක් කාන්තාවන් විස්සක් යොදවා තිබුණි.

මේ වැටලීම සිදු කළ ස්ථානයේ කල් ඉකුත් වූ හා නරක් වූ පරිප්පු, හාල් මැස්සන් බිම හලා තෝරමින් සිටි බවද කියති.

මෙසේ තෝරාගත් ආහාර ද්‍රව්‍ය ඒවේලේම හෝටල්වලට යවන බවද සොයා ගෙන තිබේ. මේ ජාවාරමට කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්‍ධ බව අනාවරණය වෙයි. පාරිභෝගික අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි කාර්යාලයේ ස්ථානාධිපති ප්‍රදීප් කළුතරආරච්චි ප්‍රධාන කණ්ඩායමක් වැටලීම සිදු කර තිබේ.

මොවුන්ට එරෙහිව අධිකරණයට අද (23) කරුණු ඉදිරිපත් කරනු ඇත.


http://www.dinamina.lk/2011/12/23/_art.asp?fn=u1112234

No comments:

Post a Comment