- ඇමැති ජගත් පුෂ්පකුමාර
ලසිත දුමින්ද
එළැඹෙන උත්සව සමයේ පොල් මිල ඉහළ දැමීමට වෙළෙඳුන් උත්සාහ දරන්නේ නම් අඩු මිලට පොල්a ලබා දීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පැවැසීය.
උත්සව කාලවලදී ඇතැම් කූට වෙළෙඳුන් පොල් සඟවා පොල් මිල ඉහළ දැමීමට උත්සාහ කළ බවත්, වෙළෙඳුන් එසේ කරන්නේ නම් පාරිභෝගිකයන්ට අඩු මිලට පොල් ලබා දීමට ඕනෑම අවස්‌ථාවක සූදානම් බවත් ඇමැතිවරයා ඊයේ (21 වැනිදා) පෙරවරුවේ කොළඹ පිහිටි එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ වන විට උත්සව සමයට අවශ්‍ය පරිදි පොල් වෙළෙඳ පොළේ පවතින බව සඳහන් කළ ජගත් පුෂ්පකුමාර මහතා පාරිභෝගික අවශ්‍යතා අනුව අවශ්‍ය වුවහොත් ජංගම ලොරි රථ මගින් පොල් නිකුත් පියවර ගන්නා බවත් වැඩිදුරටත් කීවේය.
http://www.divaina.com/2011/12/24/news21.html
No comments:
Post a Comment