Saturday, December 24, 2011

මුහුදු සම්පත් වනසන ධීවර කටයුතුවලට තහංචි වැටේ

නව නීති ගෙනෙන බව ඇමැති රාජිත කියයි

තුෂාරී කළුබෝවිල

මුහුදු සම්පත් අසීමිත ලෙස විනාශ වන අයුරින් ධීවර කටයුතුවල නියෑළීම තහනම් කිරීමට නව නීතිරීති සකස්‌ කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසුවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයට වසර 30 ක්‌ පිරීම හා එම ආයතනයේ කාර්යය පිළිබඳ මාධ්‍යයට අදහස්‌ දැක්‌වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති අවස්‌ථාවේදීය.

ජීවිත රක්‍ෂණයක්‌ නොමැති කිසිදු ධීවරයකුට ධීවර යාත්‍රාවක්‌ ධීවර කටයුතු සඳහා යාත්‍රා කිරීමට ඉදිරියේදී ඉඩ නොදෙන බවද ඇමැතිවරයා මෙහිදී කීවේය.

ජීවිත රක්‍ෂණ ක්‍රමය ධීවරයන්ට හඳුන්වා දී ඇති නමුත් කිසිදු ධීවරයෙක්‌ මෙතෙක්‌ ජීවිත රක්‍ෂණයක්‌ ලබාගෙන නොමැති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ධීවරයන්ගේ ආරක්‍ෂාව සඳහා ලබාදෙන බොහෝ සේවාවන් පිsළිබඳ ඔවුන් කිසිදු තැකීමක්‌ නොකරන බවත්ණී ජීවිත ආරක්‍ෂක කබා කොතෙකුත් ලබාදී ඇති නමුත් එAවා භාවිත නොකිරීම නිසා පසුගිය චණ්‌ඩ මාරුතයෙන් ධීවර ජීවිත විනාශ වූ බවත් ඇමැතිවරයා කීවේය.

ධීවරයන්ට මුහුදු සීමා හඳුනා ගැනීමටණී මුහුදේ මසුන් ගැවසෙන ස්‌ථාන හඳුනා ගැනීමට හා මුහුදේ ආපදා හඳුනා ගැනීමට නව සන්නිවේදන තාක්‍ෂණික පද්ධතියක්‌ ලබන වසර මුලදී ස්‌ථාපිත කරන බවද හෙතෙම පැවසීය.

මෙම අවස්‌ථාවට නාරා ආයතනයේ සභාපති ආචාර්ය හිරාන් ජයවර්ධන මහතා ප්‍රමුඛ නිලධාරීහු රැසක්‌ සහභාගි වූහ.

http://www.divaina.com/2011/12/24/news14.html

No comments:

Post a Comment