Wednesday, April 4, 2012

දුම්කොළ නිෂ්පාදන පරිභෝජනයෙන් වසරකට ශ්‍රී ලංකාවේ මරණ 12,000 ක්‌

- මහාචාර්ය කාලෝ ෆොන්සේකා

තුෂාරී කළුබෝවිල

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය කිරීම හේතුවෙන් වසරකට ශ්‍රී ලංකාවේ පුද්ගල මරණ 12,000 ක්‌ පමණ සිදුවන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා "දිවයින" ට පැවැසීය.

දුම්කොළ වගාව හේතුවෙන් සමාජයීය, සෞඛ්‍යමය හා පාරිසරික ගැටලු රැසක්‌ මතුවී ඇති බැවින් උතුරු ප්‍රදේශවලත්, මධ්‍යම කඳුකරයේත් දුම්කොළ වගා කළ ගොවීන් විශාල පිරිසක්‌ මේ වනවිට දුම්කොළ වගාවෙන් ඉවත්වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

රටටත්. සමාජයටත්. අතිවිශාල හානියක්‌ සිදුකරන දුම්කොළ භාවිතයෙන් ඉවත්වන ලෙසත්, මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලදී බුලත් අත භාවිත කරනවිට දුම්කොළය ඉවත්කරන ලෙසත්. ඒ මහතා සමස්‌ත ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ රටේ සියලු ජාතික හෝ වෙනත් උත්සව සඳහා බුලත් පමණක්‌ භාවිත කරන ලෙසත්, දුම්කොළ භාවිතයෙන් ඉවත්කරන ලෙසත් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වෙනුවෙන් තමා ඉල්ලා සිටින බව ද හෙතෙම පැවැසීය.


http://www.divaina.com/2012/04/04/news13.html

No comments:

Post a Comment