Wednesday, April 4, 2012

වී මෙටි්‍රක්‌ ටොන් 50906 ක්‌ රජය මිලදී ගනී

අකිත පෙරේරා

මෙවර මහ කන්නයේ අස්‌වැන්නෙන් වී මෙටි්‍රක්‌ ටොන් 50906 ක්‌ රජය විසින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 1432 කි.

රජය විසින් වැඩිම වී ප්‍රමාණයක්‌ මිලදීගෙන ඇත්තේ අම්පාර දිස්‌ත්‍රික්‌කයෙනි. එය මෙටි්‍රක්‌ ටොන් 13595 කි. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයෙන් වී මෙටි්‍රක්‌ ටොන් 13500 ක්‌ද, පොළොන්නරුවෙන් වී මෙටි්‍රක්‌ ටොන් 6200 ක්‌ද මිලදීගෙන ඇතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.


http://www.divaina.com/2012/04/04/news17.html

No comments:

Post a Comment