Wednesday, April 4, 2012

ලක්‍ෂ 45 ක්‌ වැය කර දැයට කිරුළ භූමියේ ඉදිකළ ලංවිම කාඩ්බෝඩ් අනුරුව ගලවාගෙන ගිහින්

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිතිය කියයි

චමින්ද සිල්වා

ලංකා විදුලිබල මණ්‌ඩලය විසින් අනුරාධපුරයේ දැයට කිරුළ භූමියේ රුපියල් ලක්‍ෂ 45 ක්‌ පමණ වැය කරමින් කාඩ්බෝඩ්වලින් ඉදිකළ විදුලිබල මණ්‌ඩලයේ අනුරුව ගලවාගෙන ගොස්‌ ඇතැයි ලං.වි.ම. ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවැසීය.

මෙම කාඩ්බෝඩ් අනුරුව ටෙලිසිනේ ආයතනය විසින් ඉදිරිකර ඇති බවත් ඒ සඳහා මණ්‌ඩලය විසින් රුපියල් 44,84,133 ක්‌ ගෙවා ඇති බවත් ඒ මහතා කියා සිටියේ පෙරේදා (02 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

විදුලිබල මණ්‌ඩල සේවකයන් සඳහා හිඟ වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව කියන බලධාරීන් දැයට කිරුළට සහ වෙනත් උත්සව සඳහා රුපියල් කෝටි ගණන් වැය කිරීමට ඇස්‌තමේන්තු සකස්‌ කර ඇතැයි ද ඒ මහතා කීය. දැයට කිරුළට මුදල් නාස්‌ති කිරීමක්‌ වී නැත්නම් තමන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවද කී ඒ මහතා මෙම ගනුදෙනු විදුලිබල මණ්‌ඩලයේ විමර්ශන අංශවලට පවා යොමුවී නැතැයි ද වැඩිදුරටත් කීය.


http://www.divaina.com/2012/04/04/news19.html

No comments:

Post a Comment