Wednesday, April 4, 2012

ඒ 9 මාර්ගය සංවර්ධනයට රු. කෝටි 1912 ක්‌

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

මහනුවර - යාපනය ඒ 9 මාර්ගය ගල්කුලමේ සිට යාපනය දක්‌වා සංවර්ධනය කිරීමට රුපියල් කෝටි 1912 ක මුදලක්‌ ඇස්‌තමේන්තු කර ඇති බව වරාය හා මහාමාර්ග නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දැක්‌වේ.

මෙම ඇස්‌තමේන්තු ගත මුදලට වැට්‌ බදුද එක්‌විය යුතු බව නියෝජ්‍ය ඇමැතිවරයා සභාගත කළ ලේඛනයේ දැක්‌වේ.

මෙම ව්‍යාපෘතියේ ශ්‍රම පිරිවැය රුපියල් කෝටි 229 ක්‌ බවද ගල්කුලම සිට පනිච්චන්කුලම දක්‌වා ඉදිකිරීම සඳහා ඇස්‌තමේන්තු ගත මුදල රුපියල් කෝටි 959 ක්‌ බවද එහි ශ්‍රම පිරිවැය රුපියල් කෝටි 115 ක්‌ බවද අදාළ ලේඛනයේ දැක්‌වේ

පනිච්චන්කුලම සිට යාපනය දක්‌වා මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ඇස්‌තමේන්තුගත මුදල රුපියල් කෝටි 953 ක්‌ බවද එහි ශ්‍රම පිරිවැය රුපියල් කෝටි 114 ක්‌ බවද සභාගත කළ ලේඛනයේ සඳහන් වේ.

ගල්කුලම සිට යාපනය දක්‌වා මාර්ගය ඉදිකිරීම 2013 දී අවසන් කිරීමට යෝජනා වී ඇතැයිද මෙම ව්‍යාපෘතියේ විදේශ සේවකයන් 55 ක්‌ සේවය කරන බවද අදාළ ලේඛනය ප්‍රකාශ කරයි.

කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා ඉහත පිළිතුර සභාගත කළේය.


http://www.divaina.com/2012/04/04/news30.html

No comments:

Post a Comment