Tuesday, April 17, 2012

ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හළ වෙළෙඳ ආයතන තුනකට 15,000ක් දඩ

එම ස්ථාන නැවත පරීක්ෂා කරන්න නියෝග

මංජුල හිරිපිටිය - හෝමාගම සංචාරක

ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් පවත්වාගෙන ගිය නිවාඩු නිකේතනයකට හා වෙළෙඳ ආයතන දෙකකට හෝමාගම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සුමිත් පෙරේරා මහතා එක් ස්ථානයකට රුපියල් පන්දහස බැගින් රුපියල් පහළොස් දහසක දඩ මුදලක් ගෙවීමට නියෝග කෙළේය.

මෙලෙස දඩ මුදල් ගෙවීමට නියම වූයේ පිටිපන ප්‍රදේශයේ සංචාරකයන් නවාතැන් ගන්නා නිවාඩු නිකේතනයකට හා පිටිපන ප්‍රදේශයේ තවත් වෙළෙඳ ආයතන දෙකකටය.

ඉහත දඩ මුදල් ගෙවීමට නියෝග කළ අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් පෙරේරා මහතා එම ආයතනය නැවත පරීක්ෂා කරන ලෙසට වැටලීම සිදුකළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කර සිටියේය.

වැටලීම හෝමාගම ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වජිර දසනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් වැටලීම සිදුකර අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.


http://www.dinamina.lk/2012/04/17/_art.asp?fn=r1204173

No comments:

Post a Comment