Tuesday, April 17, 2012

Weather warning (3 items)

දිවයින පුරා තවදුරටත් වැසි

චමින්ද සිල්වා, තුෂාරී කළුබෝවිල

දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ අන්තර් අභිසාරී කලාපයක්‌ වර්ධනය වී ඇති බැවින් බොහෝ ප්‍රදේශවලට තවදුරටත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස්‌ මහතා "දිවයින"ට පැවසීය.දිවා කාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්‌ පැවතිය හැකි නමුත් සවස්‌ කාලයේ අහස වළාකුලින් බරව තිබීම, අකුණු අනතුරු, වැසි හා ඇතැම් ප්‍රදේශවලට තද සුළං ද ඇතිවිය හැකි බව මෙන්ඩිස්‌ මහතා කීවේය.

විශේෂයෙන් මේ දිනවල පවතින අකුණු දැඩි ප්‍රබලත්වයකින් නැතහොත් වැඩි තීව්‍රතාවකින් යුක්‌ත බැවින් අකුණු අනතුරු බහුල විය හැකි බව පැවසූ මෙන්ඩිස්‌ මහතා වැසි නොමැති වුවත් වැසි අඳුර පවතින අවස්‌ථාවලදී ද අකුණු අනතුරු ඇතිවිය හැකි බව සඳහන් කළේය.

මෙම අන්තර් අභිසාරී කලාපය (සුළං දහරා එකට එකතුවීමෙන් හට ගන්නා කැළඹිලි තත්ත්වය) දිවයිනෙන් උතුරු දෙසට ගමන් කරමින් පවතින බවත් මෙම සතිය පුරා වැසි, සුළං, අකුණු අවදානම දිවයිනේ සෑම ප්‍රදේශයකටම අඩු වැඩි වශයෙන් බලපෑ හැකි බවත් හෙතෙම පැවසීය.

එබැවින් මේ පිළිබඳ දැඩි විමසිල්ලෙන් හා ආරක්‍ෂිත පියවර අනුගමනය කරන ලෙස මෙන්ඩිස්‌ මහතා මහජනතාවට අවධාරණය කළේය.


http://www.divaina.com/2012/04/17/news05.html


අකුණු වැසි සහ සුළං අනතුරුවලින් ආරක්‌ෂා වන්න
ආපදා කළමනාකරණ ඒකකයෙන් අවවාද


මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

ඉදිරි දින කිපය තුළදී ඇති විය හැකි අකුණු වැසි සහ සුළං වලින් ආරක්‌ෂා වන ලෙස ජාතික ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට අවවාද කරයි.

සවස්‌ කාලයේදී ඇති වන වැසිත් සමග අකුණු අනතුරු ඉහළ යැමේ අවදානමක්‌ ඇති බැවින් අකුණු අනතුරුවලින් ආරක්‌ෂාවීම සඳහා වඩාත් අවධානය යොමු කරන්නැයි ජාතික ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‌ෂ (මාධ්‍ය) සරත් ලාල් කුමාර මහතා පැවැසීය.

පවතින වැසිත් සමග ගංවතුර පාලනය සඳහා ජලය බැස යන කාණු පද්ධති අවහිර නොවන ලෙස තබාගැනීම සඳහා පියවර ගන්නා ලෙසද අවවාද කෙරේ. හමා යන තද සුළං නිසා ඇති විය හැකි හානි අවම කර ගැනීමටද වඩාත් අවධානයෙන් පසුවිය යුතු යෑයිද පවසයි. ඇතිවිය හැකි ඕනෑම ආපදාවක්‌ සඳහා කඩිනමින් අදාළ සහන සේවා ඇතුළු පහසුකම් සැපයීමට දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකක සීරුවෙන් තබා ඇතැයිද ඒ මහතා පැවැසීය.


http://www.divaina.com/2012/04/17/news31.html


Wet weather, strong winds to continue

Ishara MUDUGAMUWA

Thunder showers with fairly strong winds are expected in several parts of the island during afternoons and evenings, Meteorology Department meteorologist in-charge D A Jayasinghearachchi said.

“Inter-monsoonal showers are common in the afternoons and evenings during March and April. With the activation of the Inter Tropical Conversion Zone, the rainy period is widened,” he said.

The Meteorology Department urged the public to take action to minimise damages caused by lightning.

“Lightning is common in Sri Lanka during April. This is called Bakmaha Akunu. About 13 deaths were reported from January to April this year due to lightning. Lightning also killed a 24 – year - old elephant owned by Kotte Rajamaha Viaharaya,” Jayasinghearachchi said.

He said the prevailing weather conditions will change after May 15 with the beginning of the South West monsoon.

Meteorology Department sources also advised the public to avoid using telephones, electrical items and iron material during lightning and not to seek shelter under isolated trees and walk in open areas.

http://www.dailynews.lk/2012/04/17/news11.asp

No comments:

Post a Comment