Tuesday, April 17, 2012

විලච්චියට වී ගබඩාවක්‌


විලච්චිය හා තන්තිරිමලේ ප්‍රදේශයට මෙතෙක්‌ අඩුපාඩුවක්‌ව තිබූ වී ගබඩාවක අවශ්‍යතාව සපුරා ලමින් පසුගිය දා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුවිය. මෙම ගොඩනැඟිල්ල විවෘත කිරීමට මොහොතකට කලින් තන්තිරිමලේ රජමහ විහාරයේ විහාරාධිපති හිමියන් ඇතුළු හිමිවරුන්ගේ සෙත් පිරිත් සඡ්Cධායනය කරමින් සිටින අතරතුරදී එහි පීත්ත පටිය කපන ලදී. මෙම අවස්‌ථාවට අනුරාධපුර බටහිර ආසන සංවිධායක ඩබ්. බී. ඒකනායක මහතා, පළාත් සභා අමාත්‍ය ඩබ්. බී. එස්‌. සේමසිංහ, ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන, විදුලි සංදේශ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, උතුරුමැද පළාත් සභා මන්ත්‍රීන් රැසක්‌ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද, අනුරාධපුර මහා දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්ද අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතාද වී අලෙවි මණ්‌ඩලයේ නිලධාරීන්ද සහභාගි වූහ.

ඡායාරූපය සහ සටහන තඹුතතේගම සී.එම්.ආරියපාල

http://www.divaina.com/2012/04/17/provin04.html

No comments:

Post a Comment