Tuesday, April 17, 2012

හිඟුරාණ සීනි කම්හලේ නිෂ්පාදන කටයුතු යළි මේ මස අගදී ඇරඹේ

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

රජයට පවරා ගනු ලැබූ හිඟුරාණ සීනි කම්හලේ නිෂ්පාදන කටයුතු මේ මස අගදී යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.

මසකට සීනි ටොන් හාර දහසක්‌ නිෂ්පාදනය කෙරෙන බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගාමිණී රත්නායක මහතා පැවැසීය.

උක්‌ වගාවේ අස්‌වනු නෙළීම ආරම්භ කෙරෙන තෙක්‌ ඉන්දියාවෙන් සහ බ්‍රසීලයෙන් පිරිපහදු නොකළ සීනි මිලදී ගෙන පිරිපහදු කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පවසයි.

ගල්ඔය මිටියාවතේ වගා කළ උක්‌ වගාවේ අස්‌වනු ජුලි මාසයේදී නෙළීම ආරම්භ කිරීමත් සමග පිරිපහදු නොකළ සීනි මිලදී ගැනීම අඩු කිරීමටද පියවර ගැනේ. මේ වන විට අක්‌කර 2125 ක උක්‌ වගා කර ඇති අතර මේ වසර අවසන් වන විට අක්‌කර 3250 ක්‌ දක්‌වා උක්‌ වගාව ව්‍යාප්ත කිරීමටද පියවර ගෙන ඇත. උක්‌ ගොවීන් සඳහා උක්‌ බීජ, පොහොර සහ බිම් සැකසීම සඳහා සහනාධාර ලබාදී ඇත. වගාවේ අස්‌වනු නෙළන තෙක්‌ මූල්‍ය ආධාර ලබාදීමට ද පියවර ගෙන ඇත.


http://www.divaina.com/2012/04/17/news27.html

No comments:

Post a Comment