භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් සහ රක්ෂණ ශ්‍රියන්ත
රිය අනතුරුවලින් ඉකුත් මාස තුන ඇතුළත පුද්ගලයන් පන්සිය අසූ දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා දිනමිණට ඊයේ (2) පැවැසීය. ඉකුත් වසරවලට වඩා මේ වසරේ රිය අනතුරු සංඛ්‍යාවේ දැඩි ඉහළ යාමක් ඇති බවත්, මගී ජනතාව සහ රියැදුරන් විනයගරුක වන්නේ නම් මෙම ජීවිත බේරාගත හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි. මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් 02 දක්වා කාලය තුළදී රිය අනතුරුවලින් එක්දහස් තුන්සිය දෙනකු තුවාල ලබා ඇති බවත් පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කරයි.
බීමත්ව රිය පැදවීම, කහ ඉර නොසලකා හරිමින් රිය ධාවනය, මගී ප්‍රවාහන බස්රථ තරගයට ධාවනය කිරීම මෙම අනතුරුවලට ප්‍රධාන හේතු වී තිබේ.
කුඩා ළමයින්, පාසල් දරුවන්, ගැබිනි මාතාවන්, වැඩිහිටි පුද්ගලයන් මෙම අනතුරුවලින් මියගිය පුද්ගලයන් අතර වැඩි වශයෙන් සිටින බව පොලිස් තොරතුරු පෙන්වා දෙයි.
සීග්‍රයෙන් සිදුවන මෙම රිය අනතුරු අවම කිරීම සඳහා රථ වාහන පොලිසිය සමඟ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන විශේෂ රථ වාහන ධාවන සැලසුමක් ක්‍රියාවට නංවා ඇති බව අජිත් රෝහණ මහතා පැවැසීය.
http://www.dinamina.lk/2012/04/03/_art.asp?fn=n1204038
No comments:
Post a Comment