Tuesday, April 3, 2012

කඹුරුපිටියට අයිස්‌ වැස්‌සක්‌

පී. එල්. ජයවර්ධන - කඹුරුපිටිය

මාස කීපයක්‌ තිස්‌සේ පැවැති ඉඩෝරය නිමා කරමින් කඹුරුපිටිය ප්‍රදේශයට ඇදහැළුන වැස්‌සත් සමග අයිස්‌ කැට වැටුණ බව ප්‍රදේශවාසීහු පවසති. පසුගිය 31 දා සවස 3.30 ට පමණ මෙම අයිස්‌ වැස්‌ස ලැබී තිබේ.

කඹුරුපිටිය නගරයේ පුවත්පත් අලෙවි කුටියක්‌ පවත්වාගෙන යන රන්දික අමරනායක මහතා පැවසුවේ වැස්‌ස පටන් ගන්නවාත් සමග සුදුපාට මොර කැට තරමේ කැට සට සට ගා වැටුණ බවයි. මේ පිළිබඳ විමසිලිමත්ව බැලූ විට එAවා අයිස්‌ කැට බව හඳුනාගැනීමට හැකිවූ බව හෙතෙම පැවසීය.


http://www.divaina.com/2012/04/03/provin01.html

No comments:

Post a Comment