Tuesday, April 3, 2012

පුස්‌සැල්ල ගාමිණී ප්‍රාථමිකයට ඊයේ උදේ බඹර ප්‍රහාරයක්‌

ප්‍රභාත් විතාන

කෑගල්ල, පුස්‌සැල්ල ගාමිණී ප්‍රාථමික විදුහලේ සිසුන් පිරිසක්‌ ඊයේ (02 වැනිදා) බඹර ප්‍රහාරයකට ලක්‌වී ඇත.

බඹර ප්‍රහාරයට ලක්‌වූ ගාමිණී ප්‍රාථමික විදුහලේ සිසුන් තිදෙනකු කෑගල්ල රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් මේ පිළිබඳව කළ විමසීමකදී කෑගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එච්. ඒ. හේමාවතී හාමිනේ මහත්මිය පැවසුවාය.

පාසල ආසන්නයේ පොල්ගසක තිබූ බඹර කූඩුවකට උකුස්‌සන් පහරදීමෙන් ඇවිස්‌සුණු බඹරු මෙසේ පාසල් දරුවන්ට ඊයේ (02 වැනිදා) පාසල් කටයුතු ආරම්භ වීමට ප්‍රථම පහරදී ඇතැයිද හේමාවතී හාමිනේ මහත්මිය කියා සිටියාය.

පාසලේ සිටි අනිකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා විදුහල්පති ඇතුළු කාර්ය මණ්‌ඩලය අසල පිහිටි පන්සලක ආරක්‍ෂිතව සිටින බවත් ඒ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.


http://www.divaina.com/2012/04/03/news03.html

No comments:

Post a Comment