Tuesday, April 3, 2012

කළුතෙල් මුසුවූ තෙල් බවුසරයෙන් රු. ලක්‍ෂ 9 ක්‌ අයකර ගැනේ

ශිරාන් රණසිංහ

චුන්නාකම් විදුලි බලාගාරයට ගෙන ගිය දැවි තෙල්වලට කළුතෙල් මිශ්‍රව ඇති බවට තෙල් සංස්‌ථාව කළ රසායනාගාර පරික්‍ෂණයෙන් සනාථ වූ පසුව අදාළ තෙල් බවුසරයෙන් රුපියල් ලක්‍ෂ නවයක්‌ අය කරගැනීමට තෙල් සංස්‌ථා විමර්ශන අංශය තීරණය කර ඇත.

මෙම දැවිතෙල් බවුසරය පැය විසිහතරක්‌ම පමාවී චුන්නාකම් බලාගාරයට පැමිණ ඇතැයි ද විමර්ශනවලදී හෙළි වී ඇත.

මෙම බවුසරය තුළ දැවිතෙල් ලීටර් දහතුන්දහස්‌ දෙසීයක්‌ තිබී ඇති අතර තෙල් සංස්‌ථාවට වූ අලාභය ලෙස රුපියල් ලක්‍ෂ නවයක්‌ අයකර ගන්නා බවද සඳහන් ය.

රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ නම සඳහන් කරමින් බවුසරය හා තෙල් තොගය ගොඩබෑමට බවුසර් හිමියා කටයුතු කළද ඊට ඉඩ නොදී තෙල් තොගය පරික්‍ෂණ සඳහා රඳවාගෙන ඇත.

සිද්ධිය පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ සිදුකෙරේ.


http://www.divaina.com/2012/04/03/news13.html

No comments:

Post a Comment