Tuesday, April 3, 2012

රාජ්‍ය ආයතනයන්හි වෙබ් අඩවි යාවත්කාලීන වන්නේ මන්දගාමීවයි

ජීවනී පතිරණ

රාජ්‍ය ආයතනවලට අයත් වෙබ් අඩවිවල තොරතුරු යාවත්කාලීන (UPDATE) වන්නේ ඉතා මන්දගාමීව බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

මසකට වරක් සියයට 40ක් වැනි ඉතා අඩු ප්‍රමාණයක් පමණක් තොරතුරු යාවත්කාලීන (UPDATE) වන්නේ යැයිද එම ආයතනය සඳහන් කරයි.

මේ වන විට වෙබ් අඩවි 400කට අධික ප්‍රමාණයක් රාජ්‍ය ආයතන සඳහා නිර්මාණය කර දී තිබෙන බව පවසන නියෝජිතායතනය, මෙම වෙබ් අඩවි සංවර්ධනය කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට විධිමත් පුහුණුවක් ලබාදී තිබෙන බවද සඳහන් කරයි.

සෑම රාජ්‍ය ආයතනයක් සඳහාම වෙබ් අඩවියක් තිබිය යුතු බවත්, වෙබ් අඩවිය සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන භාෂා ත්‍රිත්වයෙන් යුක්තවීම ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියට අනුගතවීමක් බවද (ICTA) ආයතනය පෙන්වා දෙයි.

රාජ්‍ය වෙබ් අඩවි නැවුම් තොරතුරුවලින් යුක්ත වීමෙන් මහජනතාවටත්, රාජ්‍ය ආයතනවලටත් පහසුකම් රැසක් අත්වෙන බවද එම ආයතනය පවසයි.

ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියට අනුවද රාජ්‍ය ප්‍රධානීන්ට සහ ප්‍රධාන නවීකරණ නිලධාරීන්ට මේ පිළිබඳව වගකීමක් පැවරී තිබෙන බවද (ICTA) ආයතනය අවධාරණය කරයි.


http://www.dinamina.lk/2012/04/03/_art.asp?fn=n1204033

No comments:

Post a Comment