Tuesday, April 3, 2012

Reproductive health education (3 items)

ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම - සෞඛ්‍ය අමාත්‍යාංශ වැඩපිළිවෙළ පළාත් සභා 8ක් ප්‍රතික්ෂේප කරයි

* කැමැති සබරගමුව විතරයි
* රජය රු. මිලියන 34ක් වෙන් කරලා


සන්ධ්‍යා කරුණාරත්න

ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ වැඩපිළිවෙළ සබරගමුව හැර ඉතිරි පළාත් සභා අටම ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ පාසල් දරුවන්ට නිවැරදි අධ්‍යාපනයක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ මේ වැඩපිළිවෙළට රජය රුපියල් මිලියන 34 ක මුදලක් වෙන් කර තිබේ. ප්‍රජනක සෞඛ්‍යය මඟින් සිදු කරන්නේ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම කියා වරදවා තේරුම් ගැනීම නිසා මේ වැඩපිළිවෙළ පළාත් සභා මඟින් ප්‍රතික්ෂේප කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති අධිනීතිඥ ලලිත් දිසානායක මහතා පවසයි.

පාසල් දරුවන් තරුණ වියේදි විවිධ ශාරීරික වෙනස්වීම්වලට ලක්වන අතර ඒවා රෝගයන් යැයි සිතා වැරදි අවබෝධයක් ලබාගන්නේ ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැතිකම නිසා බව ද ඒ පිළිබඳ මූලික දැනුමක් ලබාදීම මඟින් දරුවන් යහ මඟට යොමු කර ගත හැකි බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

පාසල් දරුවන් බොහෝ ප්‍රමාණයක් විවිධ ලිංගික අපයෝජනයන්ට ගොදුරු වන බවත් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳව ළමයින්ගේ නොදැනුවත්භාවය වෙනුවට දැනුවත්භාවයක් ලබාදීම සිදු කළ යුතු බවත් ඇමැතිවරයා පැවැසුවේය.

ඒ අරමුණ මුල් කර ගනිමින් රජය රුපියල් මිලියන 34 ක් වැනි විශාල මුදලක් මේ වැඩපිළිවෙළ සඳහා වෙන් කර ඇති බව ද මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩනොදීම ජාතික අපරාධයක් බව ද ඇමැතිවරයා කීය.

ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ සෑම පළාතකම අධ්‍යාපනය හදාරන පාසල් සිසුන්ට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.


http://www.dinamina.lk/2012/04/03/_art.asp?fn=n1204036


පාසල්වලට ප්‍රජනන සෞඛ්‍ය පාඩම එපා
ශ්‍රියානි විජේසිංහ

පළාත් අටක් ප්‍රතික්‍ෂේප කරයි
සබරගමු පළාත පමණක් එකඟයි



පාසල් ළමුන්ට ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ දැනුම්වත්භාවයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කළ වැඩසටහන පළාත් 8ක්ම ප්‍රතික්‍ෂේප කර ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ලලිත් දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාවය පළකර ඇත්තේ සබරගමු පළාත් සභාව පමණක් බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. දැනට සමාජය තුළ ළමා දූෂණයන් සිදුවීම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතරම සමාජ රෝගද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින් ඒවා වළක්වා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත් බවද දිසානායක මහතා සඳහන් කර සිටී. මෙම අධ්‍යාපන වැඩසටහන සඳහා රුපියල් දස ලක්ෂ 34ක මුදලක්ද මේ වන විටත් වෙන්කර ඇති අතර, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මේ සඳහා දායකත්වය ලබාදේ. ප්‍රජනන සෞඛ්‍ය යනු ලිංගික අධ්‍යාපනය නොවන බවද ඇමැතිවරයා අවධාරණය කර සිටී. ලිංගික අධ්‍යාපනය පාසල් ළමුන්ට අවශ්‍ය නොවන බව එම පළාත්වල අදහස වී තිබේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති සුනිල් අමරතුංග මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කීය. මේ ප්‍රකාශය සම්පූර්ණ බොරුවක්. එහෙම සිදුවීමක් ගැන මම දන්නෙ නැහැ. මධ්‍යම පළාතෙ පාසල් දරුවන් සම්බන්ධ කරගෙන වැඩ සටහන් කරගෙන යන මෙවන් අවස්ථාවක මේ වාගෙ අසත්‍ය ප්‍රචාර ගෙනයන්නෙ කවුද? පාසල් දරුවන්ගේ අධ්‍යාපන දැනුම සඳහා කෙරෙන ඕනෑම වැඩසටහනකට මම පූර්ණ සහාය දෙනවා.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2766:ooekdefes&catid=99:dawasepradanapuwatha


Only Sab accepted reproductive health programme

Nadira Gunatilleke

The reproductive health education programme launched by the Health Ministry at provincial level to educate schoolchildren has been rejected by eight provinces. Only the Sabaragamuwa Provincial Council had accepted the programme.

The reason given by Provincial Councils for rejecting the programme is unsuitability of sex education for schoolchildren, Health Deputy Minister Lalith Dissanayake said.

According to Minister Dissanayake, all seven Provincial Councils, except Sabaragamuwa Provincial Council misunderstood the programme as ‘sex education programme for schoolchildren’.

“There is no connection between sex education and reproductive health education. Reproductive health education is a must for adolescent schoolchildren to avoid child abuse incidents and to avoid physical problems that arise during adolescent,” he said.

Deputy Minister Dissanayake said that the government allocated Rs 4 million this year for the programme understanding the importance of the subject. “Reproductive health education assists schoolchildren to protect themselves from all forms of child exploitation.

The Health Ministry issued a handbook to support the programme.

Some adolescent children identify natural body changes as diseases and the programme is aimed at preventing all these problems,” he said.“Some female schoolteachers avoid reproductive health education thinking that it is sex education.

They identify sex education as a sin and a taboo. But it has become a must now where schoolchildren are subjected to various types of exploitation and because of STDs such as AIDS,” he added.

http://www.dailynews.lk/2012/04/03/news16.asp

No comments:

Post a Comment