
සංචාරකයන් ඉමහත් ලෙස ඇළුම් කරන දුර්ලභ ගණයේ මත්දු තල්මසුන් 200 ක් පමණ ප්‍රමාණයක් එකවර නිරීක්‌ෂණය කිරීමට කල්පිටිය මුහුදේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකිවී ඇත. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්‌ත නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවලට ඉතා චමත්කාරජනක අන්දමින් පිහිනමින් සිටි තල්මසුන් විශාල ප්‍රමාණයක් කල්පිටිය කොරල් පරයේ බටහිර දෙසට මුහුදු සැතපුම් 03 කට ආසන්න මුහුදේදී ඉකුත් 14 වැනිදා උදෑසන 08.30 පමණ මෙලෙස දැක ගැනීමට හැකිවී ඇත.
කල්පිටිය ප්‍රදේශයේ එකම අවස්‌ථාවක තල්මසුන් විශාල සංඛ්‍යාවක් නිරීක්‌ෂණය වූ ප්‍රථම අවස්‌ථාව මෙය විය හැකි අතර තල්මසුන් නැරැඹීමට උනන්දුවක් දක්‌වන මහජනතාවට ගොඩබිමට ඉතා ආසන්නයේ දී ඔවුන් නැරැඹීමට මෙය දුර්ලභ අවස්‌ථාවක් විය.
ඡායාරූපයේ දැක්‌වෙන්නේ මෙම තල්මසුන්ය.
http://www.divaina.com/2012/04/18/news16.html
No comments:
Post a Comment