Wednesday, April 18, 2012

දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ වැඩිම ආදායම අවුරුදු දින උපයයි

ප්‍රියදර්ශන ලියනගේ

අප්‍රේල් මස 14 වැනිදාට පමණක්‌ දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් රුපියල් ලක්‍ෂ පනස්‌ එකක වාර්තාගත ආදායමක්‌ උපයා ගැනීමට හැකිවූ බව වරාය සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා "දිවයින" ට පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ නියෝජ්‍ය ඇමැතිවරයා දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගය 2011 වසරේ නොවැම්බර් මස 27 වැනිදා නිල වශයෙන් ජනතා අයිතියට පත්කිරීමෙන් පසු එක්‌ දිනයකදී ලැබූ වැඩිම ආදායම මෙය බව පැවැසීය. අප්‍රේල් මස 14 වැනිදා වෙනකම් එක්‌ දිනකදී ලැබූ වැඩිම ආදායම ලෙස සටහන් වී තිබුණේ නත්තල් දිනයදා උපයාගත් රුපියල් ලක්‍ෂ 34 ක මුදලයි අප්‍රේල් මස 13 වැනි දින දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයෙන් රුපියල් ලක්‍ෂ 31 ක මුදලකුත්, අප්‍රේල් මස 12 වැනි දින රුපියල් ලක්‍ෂ 18 ක මුදලකුත් උපයාගෙන තිබෙනවා. මේ වනවිට දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සමස්‌ත මුළු ආදායම රුපියල් කෝටි 35 ඉක්‌මවා ගොස්‌ තිබෙනවා.

දක්‌ෂිණ ලංකා අධිවේගී මාර්ගය රටට බරක්‌ නොවේ. එය අද රටට ආදායම් උපයා දෙන ස්‌ථානයක්‌ බවට පත්වී තිබෙනවා යෑයිද නියෝජ්‍ය ඇමැති නිර්මල කොතලාවල මහතා වැඩිදුරටත් පැවැසීය.


http://www.divaina.com/2012/04/18/news19.html

No comments:

Post a Comment