පණ්ඩුක සමරසේකර
කොළඹ ඊයේ (09) පස්වරුවේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් මාර්ග කිහිපයක්ම ජලයෙන් යටවී ගමනාගමනයට මහත් බාධා ඇති විය.
සංඝරාජ මාවත, ආමර් වීදිය, ඩී. ආර්. විජේවර්ධන මාවත සහ බෞද්ධාලෝක මාවත මෙසේ ප්‍රධාන වශයෙන්ම ජලයෙන් යටවී ඇති අතර, බේස්ලයින් මාර්ගයේ දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබුණ බව පොලිසිය පැවැසීය. ඩී. ආර්. විජේවර්ධන මාවත අසල පිහිටි බෝගසෙහි විශාල අත්තක් මහ මඟට කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබිණ.
මේ නිසා ගලු පාර සහ 138 මාර්ගයේ දැඩි වාහන තදබදයක් දක්නට ලැබිණ.
මේ හේතුවෙන් මුහුදුබඩ හා කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රියවල දැඩි මගී තදබදයක් ඇතිවී තිබුණි.
http://www.dinamina.lk/2012/04/10/_art.asp?fn=n1204108
No comments:
Post a Comment