Tuesday, April 10, 2012

Economy in 2011 - Release of the annual report of Central Bank (3 items)

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 8.3%ක ඉහළම ආර්ථික වර්ධන වේගයක්

2011 වැඩිම දායකත්වය සේවා අංශයෙන්
2011 අඩුම විරැකියා අනුපාතිකයක්
2011 කර්මාන්ත අංශයේ 10.3%ක වර්ධනයක්


ජයසිරි මුණසිංහ

නිදහසින් පසු ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ ඉහළම ආර්ථික වර්ධන වේගය සනිටුහන් කරමින් ඉකුත් වසරේ (2011) දී සියයට 8.3 ඉහළ වර්ධනයක් අත්පත් කර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (09) ප්‍රකාශයට පත් කෙළේ ය.

වසර දෙකක් පිට පිට ම සියයට අට ඉක්ම වූ ආර්ථික වර්ධනයක් වාර්තා කළ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කෙළේ ය.

ඛණිජ තෙල් මිල ගණන් ඉහළ යෑම ඇතුළු දෙස් විදෙස් අභියෝග රැසක් මැද මෙවන් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකිවීම පිළිබඳ සතුටු වන බවද අධිපතිවරයා කීය.

වසර 2011 දී ආර්ථිකයේ ඉහළ වර්ධනයට වැඩිම දායකත්වයක් දක්වා ඇත්තේ සේවා අංශයයි. සේවා අංශය සියයට 8.6 කින් වර්ධනය වී දළ දේශීය නිෂ්පාදිතයේ 59.5 ක් ප්‍රමාණයක දියුණුවට දායක වී ඇත.

වසර 2010 ට වඩා වසර 2011 දී කර්මාන්ත අංශය සියයට 10.3 කින් වර්ධනය වී දේශීය ආර්ථිකයේ නවෝදයට සියයට 29.3 දායකත්වයක් ලබා දී තිබේ.

වසර 2011 මුල දී පැවැති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෘෂි කාර්මික අංශයේ වර්ධනය සිදු වූයේ සියයට 1.5 වේගයකිනි. එය දේශීය ආර්ථිකයේ නවෝදයට සැපයූ දායකත්වය සියයට 11.2 කි. මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සෑම වසරක් ම නිමා වී මාස හතරකට පෙර රටේ ආර්ථිකය පිළිබඳ සවිස්තර වාර්තාවක් මහ බැංකු වාර්තාවක් ලෙස එළි දැක් විය යුතුය. ඒ අනුව යමින් නියමිත කාලයටත් ප්‍රථම මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සිය 62 වැනි වාර්ෂික වාර්තාව ඊයේ (09) උදේ මහ බැංකු මූලස්ථානයේ දී එළි දැක්විය. එම අවස්්ථාවේ දී අධිපතිවරයා ඉහත කරුණු ප්‍රකාශයට පත් කෙළේ ය.

මෙම අවස්ථාවට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ, මුදල් නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් සී. වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර, නියෝජ්‍ය අධිපතිවරුන් වන ආනන්ද සිල්වා, සී. ප්‍රේමරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු මුල්‍ය හා බැංකු ක්ෂේත්‍රයේ විශාල පිරිසක් සහභාගි වී සිටියහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා ස්වර්ණා ගුණරත්න මහත්මිය මෙහිදී විශේෂ කරුණු දැක්වීමක් ද සිදු කළාය.

වසර 2011 ආර්ථික වර්ධනයේ සුවිශේෂ වාර්තා

* වසර 46 කට පසු සේවා අංශයේ සිදු වූ ඉහළම වර්ධනයයි.
* වසර 39 කට පසු ධීවර අංශයේ සිදු වූ ඉහළම වර්ධනයයි.
* වසර 33 කට පසු කර්මාන්ත අංශයේ සිදුවූ ඉහළම වර්ධනය මෙයයි.
* වසර 31 කට පසු ඉදිකිරීම් අංශයේ සිදු වූ ඉහළම වර්ධනයයි.
* ආනයන වෙළෙඳ අංශයේ වසර 18 කට පසු වාර්තා කළ ඉහළම වර්ධනයයි.
* සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ වසර 14කට පසු වාර්තා කළ ඉහළම වර්ධනයයි.
* වසර 12 කට පසු හෝටල් හා අවන්හල් අංශයේ දෙවැනි විශාලම වර්ධනයයි.
* නිෂ්පාදන, කර්මාන්ත ශාලා, අපනයන අංශවල වසර 11 කට පසු වාර්තා කළ ඉහළම වර්ධනයයි.
* උද්ධමනය මාස 38 ක් තනි ඉලක්කමේ තබා ගත් ඉතිහාසයේ පළමු අවස්්ථාව මෙයයි.
* ඉතිහාසයේ අඩුම විරැකියා අනුපාතිකය සියයට 4.2 යි.
* විදේශ සංචිතය එක්සත් ජනපද ඩොලර් බිලියන 6 යි.
* අඩුම බොල් ණය ප්‍රමාණය වාර්තා කළ වසරයි.
* ඒක පුද්ගල ආදායම ඩොලර් 2836 යි.
* එකම මුල්‍ය ආයතනයක්වත් කඩා වැටුණේ නැති අවුරුද්ද යි.
* පිටරට රැකියා කරන්නන් මෙරටට වසරකදී එවූ වැඩිම විදේශ විනිමය ප්‍රමාණයයි. (ඇ. ඩොලර් බිලියන 5.1)
* අයවැය හිඟය සියයට 6.9 යි.
* නීතිමය අවශ්‍යතාවයටත් මාසයකට කලින් මහ බැංකු වාර්තාව හය වැනි වතාවටත් එළි දැක්වීම.


http://www.dinamina.lk/2012/04/10/_art.asp?fn=n1204101


ශ්‍රී ලංකාව පසුගිය වසරේ ඉහළම ආර්ථික වර්ධන වේගයක්‌ ලැබුවා

අනුර බාලසූරිය

ශ්‍රී ලංකාව පසුගිය වසරේ (2011) සියයට 8.3 ක ඉහළම ආර්ථික වර්ධන වේගයක්‌ ලබා ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

මෙය අප රට නිදහසින් පසු ලබාගත් ඉහළම ආර්ථික වර්ධන වේගය බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

2011 මහ බැංකු වාර්ෂික වාර්තාව ජනාධිපතිවරයාට පිළිගැන්වීම නිමිත්තෙන් මහ බැංකුවේ පැවැති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකා ආර්ථිකයේ සෑම ක්‌ෂේත්‍රයකම දක්‌නට ලැබුණු සංවර්ධනය මෙම ආර්ථික වර්ධන වේගය ළඟාකර ගැනීමට හේතු වූ බව පැවැසූ ජනාධිපතිවරයා ලෝක ආර්ථිකයේ විශාල පසුබෑමක්‌ තිබෙන අවස්‌ථාවක මෙවැනි ඉතා ඉහළ ආර්ථික ප්‍රගතියක්‌ ළඟාකර ගැනීමට හැකිවීම පිළිබඳ අවංකව සතුටුවිය යුතු බව ද කියා සිටියේය.

එමෙන්ම මෙහි ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නියමාකාරයෙන් ලැබෙන්නේ දැයි සොයා බැලිය යුතුව ඇතැයි ද පැවසීය.

දශක තුනක පමණ කාලයක්‌ අප රටේ පැවැති ත්‍රස්‌තවාදය අප ආර්ථිකය දුර්වල කළා පමණක්‌ නොව රටේ සමාජ, සංස්‌කෘතික, දේශපාලනමය වශයෙන් ගැටලු නිර්මාණය කළ බවත් එඩිතර පැහැදිලි තීරණ ගැනීම තුළින් ත්‍රස්‌තවාදය පරාජය කළ බවත් පැවසූ ජනාධිපතිවරයා ළඟාකරගත් මෙම දියුණුවට හේතුව යුද්ධය අවසන් කිරීම පමණක්‌ නොව මහින්ද චින්තන වැඩපිළිවෙළ තුළින් වැඩුණු ශක්‌තිමත් පදනමත් බවද කීය.

මෙම අවස්‌ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මුදල් නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් මණ්‌ඩලයේ සාමාජිකයන් ඇතුළු ආරාධිතයෝ පිරිසක්‌ එක්‌වූහ.


http://www.divaina.com/2012/04/10/news02.html


President at Central Bank function: Development dividends will reach remotest corners

Sandasen MARASINGHE

* ‘Certain politicians make false statements for petty political gain’
* More than 55 percent growth in rural areas


The government’s objective is to guarantee that the dividends of the highest economic development that the country has so far achieved, reached the remotest corners of the country, including the North and East, President Mahinda Rajapaksa said yesterday.

The President was speaking after receiving the Annual Report 2011 of the Central Bank from Governor Ajith Nivard Cabraal at the Central Bank.

He said the government has formulated such a mechanism and the massive development projects initiated in the remote areas of the country bear testimony to this initiative

President Rajapaksa said the country was able to maintain an economic growth rate of 8.3 percent last year and the per capita income increased to US $ 2,835. He said unlike in the past, more than 55 percent of the growth is concentrated in the rural areas.

The President noted this historic economic growth could be achieved at a time a majority of countries were in a crisis situation and mainly due to the fact that the country was able to see the back of terrorism that devastated human resources and also due to the fact that the government was able to put in place many strategic policies.

He added that even during the Humanitarian Operation, the government had initiated massive development projects to make the country a hub of many sectors. “Today most of them are reaching completion,” President Rajapaksa said.

The President said although the country eliminated terrorism leading to economic progress, local and international organisations which manipulated the LTTE, are still functioning and are reluctant to see the enormous development that has taken place in the North and East.

He added they were blind to the fact that more than Rs 260 billion was utilised in the North and East for infrastructure development.

President Rajapaksa said these people including certain politicians make false statements for petty political gain.

He added the room for foreign intervention in the country was created through terrorism. He said those who attempt to solve our problems suffer due to numerous issues in their own countries.

President Rajapaksa said reconciliation cannot be made overnight as suggested by outsiders as hatred was spread for three decades by the terrorists.

He added the government has not ceased to make peace achieved at great sacrifice, a permanent one.

The President said: “Suggestions made by outsiders could be short term. We can reach our solutions with mutual understanding.”

Centarl Bank Governor Ajith Nivard Cabraal, Central Bank Deputy Governor Chandra Premaratne, Central Bank Economic Affairs Department Director Swrna Gunaratne also spoke .

International Monetary Cooperation Senior Minister Sarath Amunugama, Economic Development Minister Basil Rajapaksa, Finance and Planning Deputy Minister Gitanjana Gunawardena, Secretary to the President Lalith Weeratunga and Deputy Governor of Central Bank Ananda Silva also participated.

http://www.dailynews.lk/2012/04/10/news01.asp

No comments:

Post a Comment