Tuesday, April 10, 2012

බොරතෙල් සහිත නැව ගිලීයාමේ අවදානමක

ගයාත්‍රි ගීගනආරචිචි

වසර තුනකට ආසන්න කාලයක් පුරා පානදුරට නාවික සැතපුම් අටකට එපිටින් මුහුදේ නැංගුරම්ලා ඇති ටොන් 600 බොරතෙල් සහිත නැව ගිලීයාමේ අවදානමට ලක්ව ඇතැයි කොළඹ වාණිජමහාධිකරණයට දැනුම් දී තිබෙන බව සමුද්‍ර සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රියාර් අද්මිරාල් එස්.ආර්. සමරතුංග මහතා “ලක්බිම”ට පැවැසීය. සයිප්‍රසයට අයත් Thmothrmopolyseara ලෙස හැඳින්වෙන මෙම නැව 2009 ජූලි මාසයේ මෙරටට පැමිණි අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය නැවේ කපිතාන්වරයාට එරෙහිව මෙරට අධිකරණයක නඩු පැවරීම නිසා එය නැංගුරම්ලා තිබේ. ඉන්පසු නැව අයත් සමාගම මෙරට නාවික කටයුතු ආයතන කීපයකට එරෙහිව වන්දි ඉල්ලා සිටීම නිසා නැව තවදුරටත් මුහුදු සීමාවේ තැබිමට නියෝග ලැබි ඇත.

මෙම නැව ඉදිරි නිරිත දිග මෝසම එළැඹීමත් සමග ගිලීයාමේ ඇති අවදානමකට ලක්වී ඇති බවත්, ඉන් විය හැකි පරිසර හානිය සහ තෙල් ඉවත් කිරීම සඳහා රජයට දරන්නට වන අධික වියදම පිළිබඳවත් ඉකුත් නොවැම්බර් මාසයේදී අධිකරණයට දැනුම් දුන් බව සමරතුංග මහතා පැවැසීය.

පරිසරවේදීන් පෙන්වාදෙන පරිදි මෙම නැව යම් හෙයකින් ගිලී ගියහොත් ගාල්ල සිට මීගමුව දක්වා මුහුදු තීරය සම්පූර්ණයෙන්ම තෙල්වලින් වැසීයාමට ඉඩ තිබේ. එමෙන්ම එමගින් මුහුදු ජීවින් මෙන්ම වෙරළ තීරයද විනාශ වී යා හැකි යැයි පරිසරවේදීහු පෙන්වා දෙති.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2929:tee&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment