Tuesday, April 3, 2012

නව ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමේදී සීමා පැනවීමට පියවර

නුවන් කොඩිකාර සහ චමිර ඇල්ලදෙණිය

අලූතින් ඉන්ධන පිරවුම්හල් විවෘත කිරීමේදී ඊට සීමා පැනවීමට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉදිරියේදී නව පිරවුම්හලක් ඉදිකිරීමට අවසර හිමි වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ප‍්‍රවාහන හා ඉංජිනේරු පීඨය විසින් සිදුකළ සමීක්ෂණ වාර්තාවට අනුව බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රෙමජයන්ත මහතා දිනමිණට පැවසීය.

එම වාර්තාව මේ වනවිට අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ලබන සතියේදී එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි ඇතුළත් කරුණුවලට අනුව ඉන්ධන පිරවුම්හල් ඉදිකිරීම් සඳහා අවසර ලබාදෙන බව ද හෙතෙම කිවේය.

දැනට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1100කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබෙන බව පවසන ඒ මහතා ඉන් බහුතරයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වන අතර ඉතිරි ඒවා ඉන්දියන් ඔයිල් සමාගම විසින් පාලනය කරන බව සඳහන් කළේය.


http://www.dinamina.lk/2012/04/03/_art.asp?fn=n12040310

No comments:

Post a Comment