Wednesday, April 11, 2012

ගාල්ලේ "සී ෆිෂ්" සැමන් වෙළෙඳ පොළට නිකුත් කරයි

ශිරාන් රණසිංහ

ලංකා ධීවර සංස්‌ථාව හා හැපි කුක්‌ පුද්ගලික සමාගම එක්‌ව ගාල්ල වරාය පරිශ්‍රයේ ඉදිකළ සී ෆිෂ් සැමන් ටින් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත සැමන් ටින් වෙළෙඳ පොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ධීවර සංස්‌ථා සභාපති මහීල් පී. සේනාරත්න මහතා "දිවයින"ට පැවසීය.

ගාල්ල වරාය පරිශ්‍රයේ සැමන් ටින් කර්මාන්ත ශාලාව මෙරට ආරම්භ කළ පළමු සැමන් කර්මාන්ත ශාලාව වන අතර ඒ සඳහා රුපියල් ලක්‍ෂ අටසිය හතළිහක්‌ වැය වී තිබේ.

මෙමගින් දිනකට සැමන් ටින් දස දහසක්‌ නිෂ්පාදනය කරන අතර ක්‍රම ක්‍රමයෙන් නිෂ්පාදනය වැඩි කරන බවද සභාපතිවරයා කියා සිටියේය.

මීට අමතරව පෑලියගොඩ හා මුන්දලමේදී සැමන් ටින් කර්මාන්ත ශාලා දෙකක්‌ ඉදිකරන අතර ඒ සඳහා රුපියල් මිලියන පන්සියයක්‌ වැය වෙතැයි ඇස්‌තමේන්තු කර ඇත.

මේ වන විට ලංකා ධීවර සංස්‌ථාව අඩු මිලට අලුත් මාළු පාරිභෝගිකයන් වෙත ලබාදීම සඳහා සංස්‌ථා අලෙවි සල් එකසිය පහළොවක්‌ රට පුරා ස්‌ථාපිත කර ඇති බවත් ඊයේ (10 වැනිදා) කහවත්තේ සහ පෙරේදා (9 වැනිදා) මාවනැල්ලේද දෙකක්‌ විවෘත කළ බව ලංකා ධීවර සංස්‌ථාවේ කළමනාකරණ අධ්‍යක්‍ෂ රුවන් ලංකේෂ්වර මහතා "දිවයින"ට පැවසීය.


http://www.divaina.com/2012/04/11/news27.html

No comments:

Post a Comment