Monday, April 2, 2012

වනජීවී ඇමැතිතුමනි ඔබේ අවධානයටයි !


මේ ලෝකයේ සෑම සත්ත්වයෙක්‌ම බිය වෙති. මනුෂ්‍යයන් මෙන්ම තිරිසන් සතුන්ටද වේදනාව දැනේ. විටෙක තිරිසන් සතුන් තිරිසන් වැඩ කරති. ඒ ඔවුන්ගේ ජීවත්වන පරිසරයේ ඇති තත්ත්වය මතයි. නමුත් මේ ලෝකයේ උසස්‌ මනසක්‌ ඇති අය තිරිසන් සතුන්ට දෙවැනි නොවන ක්‍රියාවන් කරන මිනිසුන්ද සිටිති.

එවැනි ක්‍රියාවන් කරන මිනිසුන් නිසා අද ජීවත්වන සාමකාමී මිනිසුන්ට මෙන්ම තිරිසන් සතුන්ටද කරදරයක්‌ වී තිබේ. එවැනි තිරිසන් මිනිසකුගේ ක්‍රියාවන් නිසා දුක්‌ විඳින අලියකු අපට ඉකුත් දින ත්‍රිකුණාමලය උණුවතුර ළිං ප්‍රදේශයෙන් හමුවිය.

පින්තූරයෙන් දැක්‌වෙන අලියාගේ ඉදිරි පස වම් පාදය පසාරු කරමින් කම්බියක්‌ ඇනී ඇති අයුqරු මෙහි දැක්‌වේ. මේ වනතුරු මෙම කම්බිය ඉවත් කිරීමට කිසිවකු ඉදිරිපත් වී නොමැත.

වනාන්තරයේ නිදැල්ලේ ජීවත් වූ මෙම අලියා මිනිසුන් වෙසෙන ප්‍රදේශයට පැමිණ මේ දුක පැවැසීමට යන එන පිරිස්‌වලට කකුල ඔසවා පෙන්වන්නේද ඉක්‌මනින්ම එය ඉවත් කර දෙන ලෙසට ඉල්ලන්නාක්‌ මෙනි.

නමුත් මේ සිද්ධිය දුටු බොහෝමයක්‌ පිරිස්‌ අදාළ වනජීවි නිලධාරීන්ට පැවැසුවත් මේ වන තෙක්‌ ගත් ක්‍රියාමාර්ගයක්‌ නම් නැත.

මේ පිළිබඳව ත්‍රිකුණාමලය දිසාපතිවරයාද දැනුවත් කර ඇති අතර දිසාපතිවරයා අදාළ ආයතනයන්ට දන්වා ඇතත් එම ආයතනද ගත් ක්‍රියාමාර්ගයක්‌ නොමැත.

මේ වන විට ත්‍රිකුණාමල ප්‍රදේශයේ පමණක්‌ අලින් 250 ට වැඩි ප්‍රමාණයක්‌ මියගොස්‌ ඇති අතර බොහෝමයක්‌a අලින් මිය ගොස්‌ ඇත්තේ ප්‍රතිකාර ලබාදීමේදී ඇතිවූ ප්‍රමාදයන් හේතුවෙනි.


ත්‍රිකුණාමලය - සමන් මල්ලව ආරච්චි

http://www.divaina.com/2012/04/02/news27.html

No comments:

Post a Comment