Wednesday, April 11, 2012

CEB Strike (4 items)

ලෙඩ නිවාඩු දමා සටන් කළත් දිගටම විදුලිය දෙන්න බලනවා

ශිරාන් රණසිංහ

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයට සූදානම් වන ජනතාවට අඛණ්‌ඩව විදුලිය ලබාදෙමින් ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක අද (11 වැනිදා) නිරතවීමට උපරිම උත්සාහයක්‌ ගන්නා බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කමිටු සාමාජික රන්ජන් ජයලාල් මහතා "දිවයින" ට පැවසීය.

විදුලි බිඳවැටීම් ඇති නොවන සේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යැමට තීරණය කර ඇතිමුත් යම් හෙයකින් විදුලි බිඳවැටීම් සිදුවුවහොත් ඒවා යථා තත්ත්වයට පත්කිරීමට සෑහෙන වේලාවක්‌ ගතවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් අද (11 වැනිදා) දවසේ බිල්පත් කවුන්ටර් කටයුතු මෙන්ම අනෙකුත් කටයුතු සම්පූර්ණයෙන්ම නතර වන බවත් එනිසා දෛනිකව මණ්‌ඩලය වෙත ලැබෙන බිලියන ගණනක මුදල ලැබීම පමාවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

විදුලිබල මණ්‌ඩලයේ විධායක ශ්‍රේණියට අයත් නොවන සේවකයන් පහළොස්‌දහසකගේ වැටුප සියයට විස්‌සකින් ඉහළ නංවා ආයතනයේ වැටුප් විෂමතාව අවම කරන ලෙස ඉල්ලමින් මෙම ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වේ. අවුරුදු නිවාඩුවෙන් පසුව 18 වැනිදා රැස්‌වී වැඩවර්ජනය ක්‍රියාත්මක කරන දිනය තීරණය කරන බව ද ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කමිටු සාමාජිකයා තවදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2012/04/11/news04.html


කිසිදු විදුලි කප්පාදුවකට ඉඩ තබන්නේ නෑ - විදුලිබල අමාත්‍යංශය

අචලා ධර්මසේන

වෘත්තීය ක්‍රියාමාර්ග පදනම් කරගත් කිසිදු ආකාරයේ විදුලි කප්පාදුවක් අද (11) දිනයේදී හෝ අවුරුදු කාලසීමාවේ දී හෝ කිරීමට ඉඩ නොතබන බව ලංකා විදුලි බල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම මූලික කරගත් විදුලි බල අමාත්‍යංශය අවධාරණය කරයි. ස්වාභාවික ආපදා තත්ත්වයන් වන අධික වැසි, සුළං හෝ වෙනත් ස්වාභාවික ආපදා තත්ත්වයකදී සිදුවන හානියකදී හැර විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බවත් යම් ආකාරයකින් මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයකදී විදුලිය බිඳ වැටීමක් සිදු වුවහොත් තම ප්‍රදේශයට අදාළ ලංවිම හෝ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ඉංජිනේරු කාර්යාල වෙත දැනුම් දෙන ලෙසත් එම අමාත්‍යංශය මහජනතාවට දැනුම් දෙයි. යම් ලංවිම පාරිභෝගිකයෙකුට එම සේවය ලබාගත නොහැකි අවස්ථාවකදී ක්ෂණික දුරකතන ඇමතුම් අංක 1987 ටත්, ලංකා විදුලි පුද්ගලික සමාගමේ පාරිභෝගිකයෙක් නම් ක්ෂණික දුරකතන ඇමතුම් අංක 1910 ටත් දැනුම් දිය හැකිය. එසේ නොවන්නේ නම් විදුලි බල හා බල ශක්ති අමාත්‍යංශයේ ක්ෂණික දුරකතන ඇමතුම් අංක 1901 වෙත තම විදුලි සබඳතාවයේ පැනනැගී ඇති ගැටලුව දැනුම් දෙන ලෙස එම අමාත්‍යංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
වැටුප් වැඩිවීමක් මූලික කරගනිමින් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය යැයි ප්‍රකාශ කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ වෘත්තීය ක්‍රියාකාරීන් විසින් මෙහෙයවනු ලබන වෘත්තීය ක්‍රියා මාර්ගයකට අනුව අද (11) සිට ලංවිම සියලු සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කරන බවට මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇතත් ලංවිම තාක්ෂණික ඉංජිනේරු සංගමය, විදුලි ඉංජිනේරු සංගමය, විදුලි හා යාන්ත්‍රික අධිකාරිවරුන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහභාගි නොවන බවට තොරතුරු ලැබි ඇතැයි ද විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2954:2012-04-10-18-07-06&catid=82:us-politics&Itemid=457


විදුලිය කපන්නේ නෑ

චමීර ඇල්ලදෙණිය

අවුරුදු සමයේ කිසිදු ආකාරයේ විදුලි කප්පාදුවකට ඉඩ නොතබන බව ලංකා විදුලිබල මණ්ඩලයේ හා ලෙකෝ ආයතනයේ කළමනාකාරීත්වය අවධාරණය කරයි.

පටු දේශපාලන අරමුණු ඉදිරියට ගෙනෙමින්, සමස්ත මහජනතාව අපහසුතාවට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ බහුතර සේවකයන් කටයුතු නොකරන බවද ලංකා විදුලිබල මණ්ඩල කළමනාකාරීත්වය පෙන්වා දෙයි.

ඒ අනුව ඉදිරි කාලයේදී වෘත්තීය කි‍්‍රයාමාර්ග හේතුවෙන් මිනිස් ජන ජීවිතය අඩාල වන පරිදි විදුලි කප්පාදුවක් සිදුනොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ස්වාභාවික ආපදා තත්ත්වයකදී සිදුවන හානියකදී හැරෙන්නට විදුලිය බිඳවැටීමක් සිදුනොවන බවත්, යම් හෙයකින් ස්වාභාවික ආපදා තත්ත්වයකදී විදුලිය බිඳවැටීමක් සිදුවුවහොත් තම ප්‍රදේශයන්ට අදාළ ලංකා විදුලිබල මණ්ඩල හෝ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ඉංජිනේරු කාර්යාල හෝ ඩිපෝ වෙත දැනුම්දෙන ලෙසත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මහජනතාවට දැනුම්දෙයි.

යම් පාරිභෝගිකයෙකුට එම සේවය ලබාගත නොහැකි අවස්ථාවකදී ලංවිම පාරිභෝගිකයෙක් නම් ක්ෂණික දුරකථන ඇමතුම් අංක 1987 ටත්, ලෙකෝ පාරිභෝගිකයෙක් නම් ක්ෂණික දුරකථන ඇමතුම් අංක 1910 ටත් තම විදුලි සබඳතාවයේ පැනනැගී ඇති ගැටළුව පිළිබඳව දැනුම්දිය හැකි. එසේ නොවන්නේ නම් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන ඇමතුම් අංක 1901 වෙත එම කරුණු ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටී.

සියලුම බලාගාර ආශි‍්‍රතව විදුලි උත්පාදන කටයුතු, බෙදාහැරීම් හා සම්ප්‍රේෂණ කටයුතු මෙන්ම දීප ව්‍යාප්ත හදිසි බිඳවැටීම් ඒකක, මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා සුපුරුදු පරිදි තම සේවාවන් අඛණ්ඩව, ඉදිරියටත් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම මූලික කරගත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.


http://www.dinamina.lk/2012/04/11/_art.asp?fn=n1204115


CEB non-executive staff report sick today

By Ifham Nizam

The sick note campaign by the non-executive staff of the Ceylon Electricity Board (CEB) today would not hamper its day to day activities, Power and Energy Ministry said.

Power and Energy, Media Secretary, Dhanushka Ramanayake told The Island yesterday that only JVP and UNP backed unions were trying to cause turmoil to get political mileage out of it.

However, the entire management of CEB and Lanka Electricity Company were ready to step in if breakdowns took place.

He said that only members of few minor trade unions were going to report sick today and none of the unions had given in writing of their planned campaign to the relevant authorities.

The Joint Trade Union Coalition of Ceylon Electricity Board (CEB) claims a membership of nearly 15,000.

The Union’s General Secretary, H. A. Ranjan Jayalal told The Island yesterday that today’s sick note campaign was well organised.

He also said that none of the officials had responded to their numerous requests for a discussion. "This shows the politically appointed officials’ attitude towards the working class," he said.

The Unions are demanding a 20 per cent pay hike because they were given only 25 per cent when they requested a 45 per cent hike.

The executives, too, got the said amount but now the authorities had increased their amount by another 20 per cent or more, going by the salary ratio, demanded by the executive staff vis-à-vis the non executive grades, he said.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=49474

No comments:

Post a Comment