Wednesday, April 4, 2012

IMF loan (2 items)

අපේ ආර්ථික වැඩපිළිවෙළ යහපත් - මුල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 426.8ක්

මහින්ද අලුත්ගෙදර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 426.8 ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත.අමෙරිකාවේ වොෂිංටන් නුවරදී පෙරේදා (02) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය හා වත්මන් ප්‍රගතිය සැළකිල්ලට ගෙන අදාළ ණය වාරිකය නිකුත් කිරීම සඳහා එකඟත්වය පළ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන සමස්ත ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2600 ක් වන අතර මෙම ණය වාරිකය නිකුත් කිරීමත් සමඟ මේ දක්වා ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන ණය මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 2130 ක් බව එම මූල්‍ය අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මේ ණය මුදල නිකුත් කිරීම පසුගිය 2009 වසරේ ජූලි මස 24 වැනිදා ආරම්භ කළේය. ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන තිබෙන පියවරයන් මෙන්ම ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළට සහයෝගය ලබාදීමේ අරමුණින් මේ ණය වාරිකය ලබාදීමට තීරණය කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහකාර විධායක අධ්‍යක්ෂ සහ වැඩබලන සභාපති මින් සූ මහතා සඳහන් කරයි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ සෑම අංශයක්ම මනාව කළමනාකරණය කරමින් ගෙවුම් ශේෂ හිඟය පාලනය සඳහා රජය මෑතකදී පුළුල් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද ආර්ථිකය ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවද ප්‍රකාශ කර තිබෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහකාර විධායක අධ්‍යක්ෂවරයා උද්ධමනයද තවදුරටත් අඩු මට්ටමක පවතින බවද පෙන්වාදී තිබේ.

මෙහි අවසන් ණය වාරිකයේ සැලසුම් කාලය මේ වසරේ ජූලි මස 23 වන දින දක්වා දීර්ඝ කිරීමටද අනතුරුව අවසන් සමාලෝචනය පැවැත්වීමටද එම අරමුදලේ විධායක කමිටුව තීරණය කර ඇත.


http://www.dinamina.lk/2012/04/04/_art.asp?fn=n1204041


IMF releases $ 426.8 million to Sri Lanka
* Endorsement of economic performance

* Total disbursements $ 2.13 billion

The International Monetary Fund’s (IMF) board of directors released $ 426.8 million to Sri Lanka after reviewing the country’s implementation of economic policies attached to a $2.56 billion loan.

The IMF in a release yesterday said that the Fund had completed the seventh review of Sri Lanka’s economic performance under a programme supported by a Stand-By Arrangement (SBA).

The completion of the review enables the immediate disbursement of an amount equivalent to SDR 275.6 million (about US$ 426.8 million), bringing total disbursements under the arrangement to an amount equivalent to SDR 1.378 billion (about US$ 2.13 billion).

In addition, the Executive Board approved an extension of the arrangement period to July 23, to allow time for the completion of the eighth and final review.

The Executive Board also approved waivers of non observance for end-December performance criteria on net international reserves and reserve money. A rephasing of the remaining disbursements was also approved by the Board.

The standby arrangement was approved on July 24, 2009 for an amount equivalent to SDR 1.65 billion (about US$ 2.56 billion), or 400 percent of Sri Lanka’s quota.



Following the Executive Board’s discussion on Sri Lanka, Deputy Managing Director and Acting Chair Min Zhu stated: “The authorities have recently introduced a broad package of measures to rein in the current account deficit, stem the reserve loss, and bolster fiscal performance.

Monetary and credit policy have been tightened, petroleum and electricity prices increased, petroleum taxes raised, and the rupee trading band abolished to allow the exchange rate to adjust more flexibly.

The authorities are taking steps to mitigate the adverse impact on the most vulnerable.

Fiscal policy will also continue on a consolidation path, with the 2012 Budget targeting a reduction in the deficit to 6.2 percent of GDP. “The authorities intend to use the forthcoming FSAP update to strengthen the financial system further. Continued structural reforms to place the state owned energy enterprises on a financially sound footing will reduce demands on the budget.

“The adjustment measures implemented by the authorities have placed the economy on a more sustainable trajectory. However, it will take time for the new monetary and exchange rate regime to become fully established and the authorities will need to stand ready to adjust policies further to stabilize external reserves, especially if the global environment becomes less favourable,” Zhu said.

http://www.dailynews.lk/2012/04/04/news01.asp

No comments:

Post a Comment