Wednesday, April 4, 2012

Vehicle-carriers to Hambantota Port (2 items)

වාහන ආනයනික නෞකා හම්බන්තොට වරායට

මින්පසු නෞකා මඟින් ශ්‍රී ලංකාවට ගෙන්වනු ලබන සියලුම වාහන හම්බන්තොට මාගම් රුහුණුපුර මහින්ද රාජපක්‍ෂ වරාය හරහා ගෙන්වීමට තීරණය කර තිබේ.

මැයි මස 31 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය.වාහන ආනයනකරුවන්ගේ හා නෞකා ඒජන්තවරුන්, ශ්‍රී ලංකා වරාය අධිකාරිය එකඟත්වයෙන් මෙම තීරණයට එළඹි බව එම අධිකාරිය සඳහන් කළේය.

කොළඹ වරායේ පවතින අධික තදබදය හේතුවෙන් වාහන ආනයනික නෞකාවන් වරායෙන් පිටත දින ගණන් නැංගුරම්ලා තැබීමට සිදුවීමෙන් ආනයනකරුවන්ට විශාල වශයෙන් නෞකාවලට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවද අධිකාරිය සඳහන් කළේය.

දේශීය පාරිභෝගිකයාට වාහන මිලදී ගැනීමේදී මෙම මුදල් වක්‍රව ගෙවීමට සිදුවන බවත්, ඒ හේතුවෙන් පසුගිය කාලයේදී වරාය ගාස්තු පවා ඉහළ දැමීමට සිදුවූ බවත් වරාය අධිකාරිය පැවසීය.

මෙම සියලු අපහසුතාවන් සැලකිල්ලට යොමු කරමින් මෙම තීරණයට එළඹි බව පවසන අධිකාරිය මේ නිසා කිසිඳු අපහසුවකින් තොරව අමතර ප්‍රමාදයකින් හෝ අමතර ගාස්තුවලින් තොරව වරාය භූමියෙන් තම වාහන නිදහස් කර ගැනීමට දේශීය ආනයනකරුවන්ට අවස්ථාව උදාවන බවද ප්‍රකාශ කළේය.

සමහර අවස්ථාවලදී වාහන ආනයනික නෞකා දින 10කට වඩා වරායෙන් පිටත නැංගුරම්ලා තිබීමට සිදුවීම බොහෝ වාහන ප්‍රවාහන නෞකාවන් කොළඹ වරාය වෙත පැමිණීමට අකමැත්තක් දැක්වීමට හේතුවී ඇති බවත්, නව තීරණය යටතේ එම තත්ත්වයද මගහැරී යනු ඇති බවත්, අධිකාරිය කීවේය.

හම්බන්තොට වරාය තුළ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් සමන්විත බවත්, ආනයනික වාහන ගාල් කිරීම සඳහා විශාල ප්‍රදේශයක් වෙන් කිරීමේ පර්යන්ත පහසුකම්වලින් සමන්විත වේ.

සියලුම ආකාරයේ වාහන රඳවා තබා ගැනීමේ හැකියාවද වරාය සතු අතර ප්‍රති අපනයන වාහන සඳහා ද පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇති බව අධිකාරිය ප්‍රකාශ කළේය. ඒ සඳහා අවශ්‍ය ආකර්ෂණීය ප්‍රතිලාභයන් පිළිබඳ දැනටමත් නාවික ක්ෂේත්‍රය දැනුවත් කර ඇති බව පවසන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සියලු ආරක්ෂිත විධි විධාන ද යොදා ඇති බවද පැවසීය. අවම ආපදාවන්ගෙන් යුතුව සියලු මෙහෙයුම් සිදු කිරීමේ හැකියාව වරාය සතු බවද එම අධිකාරිය සඳහන් කළේය.


http://www.dinamina.lk/2012/04/04/_art.asp?fn=n12040411


Now, SLPA wants to divert vehicle-carriers to H’tota

The Sri Lanka Ports Authority (SLPA) has proposed to accommodate ships bringing in all types of vehicles at the Magampura Ruhunupura Mahinda Rajapaksa port with effect from May 31.

A spokesman for the SLPA yesterday told The Island that the suggestion had been made to ease long berthing delays experienced by ‘roll-on-roll-off’ vessels at the Colombo port. Responding to a query, Harsha Peiris said that the SLPA had consulted shipping lines and importers regarding the decision to route all such vessels to the Magam Ruhunupura Mahinda Rajapaksa Port.


Asked whether the Colombo port wouldn’t accommodate ‘roll-on-roll-off’ ships, Peiris emphasised that the shipping lines and importers had the right to choose either Colombo or Magam Ruhunupura Mahinda Rajapaksa port.

But, those using the new port would receive a range of benefits, the official said.

According to him, the Colombo port couldn’t cope with the influx of imports in spite of releasing many underutilized areas to park vehicles. Although SLPA had increased rental charges recently, many vehicle importers had failed to clear their vehicles, he said, adding that the proposed arrangement would bring relief to both importers and the government.

In addition to already announced concessions granted to any type of vessel calling at the Magam Ruhunupura Mahinda Rajapaksa Port (MRMR Port) by the SLPA, importers of vehicles are being given prompt berthing of vessels, ample secure parking facilities assuring speedy turnaround of vessels.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=48996

No comments:

Post a Comment