Thursday, November 3, 2011

කන්දකුලියේ කෝටි 10 ක රජයේ ඉඩමක්‌ අයෙක්‌ බලෙන් අල්ලාගෙන

ප්‍රියදර්ශන ලියනගේ

රුපියල් කෝටි දහයකට අධික වාණිජ වටිනාකමකින් යුත් පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ කන්දකුලිය ග්‍රාම සේවක වසම තුළ පිහිටි රජයට අයත් ඉඩම් අක්‌කර 64 ක්‌ නීති විරෝධී ලෙස එක්‌ පුද්ගලයකු විසින් අත්පත් කර ගෙන ඇතැයි ඉඩම් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයට ලැබුණු තොරතුරක්‌ මත සිදුකරනු ලැබූ හදිසි පරීක්‍ෂණයකදී මේ බව අනාවරණය කොට ගෙන තිබේ. මෙම ඉඩම වෙරළ තීරයට සමීපව පිහිටා ඇත.

මේ පිළිබඳව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතාගෙන් ඊයේ (2 දා) විමසූ විට ඇමැතිවරයා සඳහන් කළේ මෙම ඉඩම අනවසරයෙන් අල්ලාගත් පුද්ගලයකුට විරුද්ධව නඩු පැවරීමට රජය කටයුතු යොදා ඇති බවයි. රජය සන්තක ඉඩම් ආපසු පවරා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ මේ ඉඩම රජයට පවරා ගන්නා බව සඳහන් කළ ඇමැතිවරයා හොර ඉඩම් ඔප්පු සකස්‌ කොට නීති විරෝධී ලෙස අල්ලාගෙන භුක්‌ති විඳින රජයේ ඉඩම් සොයා සිදුකරන පරීක්‍ෂණ අඛණ්‌ඩව ඉදිරියටත් සිදුකරන බවද පැවසීය.

http://www.divaina.com/2011/11/03/news08.html

No comments:

Post a Comment