විජයානි එදිරිසිංහ
පාරිභෝගික අධිකාරිය පසුගිය මාස දහය තුළ සිදුකළ වැටලීම්වලින් උපයාගත් මුදල රුපියල් කෝටි 07 දක්වා වැඩිවී තිබේ.
පාරිභෝගික අධිකාරිය ප්‍රථම වරට මෙතරම් විශාල මුදලක් උපයාගත් ප්‍රථම අවස්ථාව මෙය වෙයි. ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 27123 කි. මීට පෙර පාරිභෝගික අධිකාරිය උපයාගත් වැඩිම මුදල රුපියල් කෝටි දෙකකි.
පසුගිය වර්ෂය හා සසඳන විට 248% කින් දඩ ආදායම වැඩි වී තිබෙන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
වගකීම් සහතික නොමැතිව භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ, වැඩි මිලට භාණ්ඩ විකිණීම, භාණ්ඩ සඟවා තැබීම, භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම, නියමිත බරට භාණ්ඩ නොතිබීම ඇතුළු ව්‍යාපාරිකයන් සිදුකරන වැරැදි විශාල ප්‍රමාණයක් සම්බන්ධව වැටලීම් සිදු කෙරුණි.
දිවයින පුරා වැටලීම් කණ්ඩායම් පනහකට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදු කර තිබේ.
මේ වසර අවසානය වන විට වැටලීම් තවදුරටත් පුළුල් කරන අතර දඩ ප්‍රමාණය රුපියල් කෝටි දහය දක්වා වැඩිකර ගැනීම පාරිභෝගික අධිකාරියේ අපේක්ෂාවයි
http://www.dinamina.lk/2011/11/03/_art.asp?fn=n11110314
No comments:
Post a Comment