Tuesday, November 15, 2011

නාරම්මල පුස්තකාලය ඉදිරිපිට තිබූ පයිනස් ගස් 13ක් මහ රෑ අතුරුදන්

කුරුණෑගල මධ්‍යම විශේෂ ආරියපාල වංශතිලක

නාරම්මල මහජන පුස්තකාලය ඉදිරිපිට තිබු රුපියල් ලක්ෂ ගණනක් වටිනා සල් ගසක් ඇතුළු පයිනස් ගස් 13ක් මහ රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් කපාගෙන ගොස් තිබේ.

මේ ගැන නාරම්මල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් වික්‍රමරත්න මහතා පොලිසියට පැමිණිලි කොට තිබේ.

නාරම්මල ප්‍රාදේශීය සභාපතිවරයා ගෙන් මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ මේ පිළිබඳව නීතියානුකූලව කටයුතු නොකරන බවය.

රාජ්‍ය දේපළ මේ අයුරින් විනාශ කිරීම පිළිබඳව ඕනෑම පුද්ගලයකුට පොලිසියට පැමිණිලි කිරීමේ අයිතියක් තිබෙන බැව් (එජනිස) ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ දහම් රාජපක්ෂ මහතා පවසයි. එසේ නොකළේ මෙතන යම් වංචාසහගත දෙයක් තිබෙන නිසා බවද හෙතෙම කීවේය.

වයඹ පළාත් පරිසර අධිකාරියටද මේ ගැන දන්වා ඇත.


http://www.dinamina.lk/2011/11/15/_art.asp?fn=r1111152

No comments:

Post a Comment