Saturday, November 5, 2011

කහ ඉරේ නීතිය කැඩූ 1553කට මාර්ග නීති කියාදෙයි

ඉනෝකා සමරවික්‍රම

පසුගිය ඔක්තෝබර මාසයේදී පමණක් නීති විරෝධී ලෙස කහ ඉර නොමැති ස්ථානවලින් පාර හරහා ගමන් ගත් 1553 දෙනකු නීතියේ රැහැනට කොටුකරගත් බව නාගරික රථවාහන කොට්ඨාස භාර පොලිස් අධිකාරි චූලා ද සිල්වා මහතා පවසයි. මෙසේ නීතියේ රැහැනට හසුකර ගත් අය සඳහා මූලික පියවර ලෙස මාර්ග නීති පිළිබඳ උපදෙස් හා අවවාද ලබා දීමේ වැඩමුළුවකට සහභාගි කරවන අතර එයට නොපැමිණෙන්නන් උසාවියට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවැසීය.

එමෙන්ම රථවාහන ආරක්ෂක පටි නොපලඳින්නන් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද මෙහිදී කිසිසේත් අවවාද දීමක් සිදු නොකර නඩු පවරන බවද ඔහු කීය.


http://www.silumina.lk/2011/11/06/_art.asp?fn=aa11110612

No comments:

Post a Comment