Saturday, November 5, 2011

දුම්රියට විද්‍යුත් ඇසක් රියදුරන්ට ජංගම දුරකථන

තාරක වික්‍රමසේකර

දුම්රිය ආරක්ෂාකාරීව ධාවනය කිරීමේ අරමුණින් දුම්රිය රියැදුරන්ට හා නියාමකවරුන්ට ජංගම දුරකථන ලබාදීමට පියවර ගෙන ඇතැයි දුම්රිය සැලසුම් අධ්‍යක්ෂ විජය සමරසිංහ මහතා පවසයි.

මෙම ජංගම දුරකතන ලබාදීම නිසා පාලක මැදිරියට අවශ්‍ය ඕනෑම මොහොතක රියැදුරන් හා නියාමකවරුන් දැනුවත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මීට අමතරව දුම්රිය ආරක්ෂාව තහවුරු කරනු පිණිස දුම්රිය එන්ජින්හි විශේෂ සන්නිවේදන පරිගණක උපකරණයක් ද සවිකිරීමට කටයුතු යොදා ඇතැයි ද විජය සමරසිංහ මහතා පවසයි.

පරිගණක මොනිටරයක් දුම්රිය එන්ජින්හි සවිකරනු ලබන අතර එමඟින් කිලෝමීටර් 10ක දුරකින් පිහිටි සියලු දුම්රියයන් පරිගණක තිරයෙන් දැකබලාගත හැකිය. මෙහිදී එම දුම්රිය යන මාර්ගයෙත් අනෙක් මාර්ගයේ ඉදිරිපසින් හා පසුපසින් පැමිණෙන දුම්රියයන් ද දැක බලාගත හැකිය. මෙහිදී දුම්රිය දැකබලා ගත හැක්කේ වර්තමාන පාලක මැදිරිය දුම්රිය දැක ගන්නා ආකාරයේ වර්ණ තිරයක් මතිනි. මෙම උපකරණ කට්ටලය මේ වන විටත් දුම්රිය 10කට සවිකර ඇතැයි ද විජය සමරසිංහ මහතා කීය.

http://www.silumina.lk/2011/11/06/_art.asp?fn=aa1111067

No comments:

Post a Comment