පියසේන දිසානායක
අපේක්‍ෂිත ප්‍රතිලාභ නොලැබූ සහ සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට නොගන්නා ව්‍යාපාර රජයට පවරා ගනීමේ පනතට පක්‍ෂ නායකයන්ගේ අනුමැතිය ලැබී ඇති බැවින් ලබන 9 වැනිදා එය නියත වශයෙන්ම විවාදයට ගන්නා බව සභා නායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවැසීය. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්කර තිබෙන එම පනත විවාදයෙන් පසු සම්මත කර ගැනීමට සියලු කටයුතු සූදානම්කර තිබෙන බව හෙතෙම කීය.
මෙම නව පනත යටතේ අපේක්‍ෂිත ප්‍රතිලාභ නොලැබූ හා සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට නොගන්නා පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගැනීමට සැලසුම්කර ඇත.
මෙම ව්‍යාපාර අතර දයාගමගේ මහතාට අයත් සෙවනගල සීනි සමාගම, හැරී ජයවර්ධන මහතාට අයත් පැල්වත්ත සීනි සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ සමාගම් හා ආයතන රැසක් තිබේ.
මේ අතර මෙම පනතට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමටත්, විරෝධතා ව්‍යාපාර දියත් කිරීමටත් එක්‌සත් ජාතික පක්‍ෂය සහ බහුජන සංවිධාන රැසක් තීරණය කොට ඇත.
http://www.divaina.com/2011/11/06/news07.html
පවරාගන්නා ආයතනවල සේවක ප්‍රතිලාභ අවදානමේ!
නිලන්ත මදුරාවල
රජයට පවරා ගැනීමට යෝජිත පෞද්ගලික ආයතනයන්හි දහස් ගණනක සේවකයන්ගේ සේවක අර්ථසාධක හා සේවා නියුක්‌තියන්ගේ භාර අරමුදල් මෙන්ම වෙනත් ප්‍රතිලාභයන් බරපතළ අවදානමකට ලක්‌වන තත්ත්වයක් උද්ගත වී තිබේ.
එම ආයතන රජයට පවරා ගැනීමෙන් පසුව පෞද්ගලික අංශයේ සේවකයකු වශයෙන් හිමිවන ප්‍රතිලාභ කිසිවක් ඔවුන්ට හිමි නොවන අතර ජීවිත කාලය පුරාම උපයා ගත් සේවක අර්ථසාධක අරමුදල්වලට සිදුවන්නේ කුමක්‌ද යන්න පිළිබඳව ඔවුහු දැඩි ගැටලු සහගත තත්ත්වයකට පත්ව සිටිති. එමෙන්ම අනිවාර්යයෙන් හිමිවන පාරිතෝෂිත දීමනා අහිමි වනු ඇති බවට ද ඔවුහු බිය පළ කරති.
එම සේවකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කළ හැකිද යන්න පිළිබඳව ද සේවකයන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇත. විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කළ ද දැනට විශ්‍රාම යැමට ආසන්නයේ සිටින්නන් ඒ සඳහා අනුයුක්‌ත කර ගැනීම ගැටලුවක් වන බව ඔවුන්ගේ අදහස වී තිබේ.
මෙම තත්ත්වය තමන්ගේ අනාගතය අවදානමකට ඇද දැමීමට ඉඩ ඇතැයි ද එහෙයින් මේ සම්බන්ධයෙන් ආණ්‌ඩුව අවධානය යොමුකළ යුතු යෑයි ද ඔවුහු පවසති.
http://www.divaina.com/2011/11/06/news06.html
පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමේ පනත ආණ්‌ඩුවේ හතුරෙකුගේ වැඩක් - නැත්නම් මෝඩයකුගේ වැඩක්!
කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න
සාකච්ඡාවකින් සකස් කළේ පාලිත සේනානායක
පාඩු ලබන ආයතන රජයට පවරා ගැනීමට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයේ අරමුණ කුමක් වුවත් මේ පනතින් අපේ රටේ ආර්ථිකයට ඇතිවිය හැකි ප්‍රතිවිපාක දරුණු විය හැකියි. කිසියම් කෙනෙක් මෙබඳු පනතක් ගෙන ආ යුතු යෑයි යෝජනා කළා නම් එක්‌කෝ ඔහු ආර්ථිකය පිළිබඳ කිසිවක් නොදන්නා කෙනෙක්, නැත්නම් ඔහු මේ ආණ්‌ඩුවේ හතුරෙක්.
මෙබඳු පනත් අපේ රටේ ඉතිහාසයේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ලෝකයේ වෙනත් රටවලත් ක්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ අත්දැකීම් දෙස බලන විට මෙය නිසැකවම අපේ ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක ළඟාකර දෙන්නක් බව පැහැදිලියි.
මීට වසර දෙකකට පෙර අපේ රටේ යුද්ධය අවසන් වනවිට දැන් ඉතින් රටේ විශාල ආර්ථික දියුණුවක් ඇති වෙතැයි බොහෝ දෙනෙක් කල්පනා කළා. නමුත් ඒ බලාපොරොත්තු වූ තරමට විදේශ ආයෝජන අපේ රටට ගලාගෙන ආවේ නෑ. පසුගිය අවුරුදු 30 තුළ අපේ රටට ගලාගෙන ආ මුළු විදේශ ප්‍රාග්ධන තොගයේ වටිනාකම ඩොලර් බිලියන පහකට අඩුයි. නමුත් ශ්‍රී ලංකාවට වඩා බොහෝ පසුව ප්‍රතිපත්ති ප්‍රතිසංස්‌කරණ ආරම්භ කළ රටවල් විශාල විදේශ ප්‍රාග්ධනයක් එකතු කර ගන්න සමත්ව සිටිනවා. උදාහරණයක් ලෙස එකදහස් නවසිය අනූ ගණන්වල ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්‌කරණ ක්‍රියාත්මක කළ වියට්‌නාමය දැන් එක අවුරුද්දකට ඩොලර් බිලියන 8 ක විදේශ ආයෝජන ලබාගැනීමට සමත් වී සිටිනවා. අපේ රටේ පසුගිය අවුරුදු 30 ක ප්‍රමාණයත් ඩොලර් බිලියන පහට අඩුයි.
අපේ රටට විදේශ ආයෝජන අඩු වීමට හේතුව ත්‍රස්‌තවාදී යුද්ධය කියල බොහෝ දෙනෙක් කල්පනා කළා. යුද්දෙ අවසන් වුණාට පස්‌සේ විශාල විදේශ ආයෝජන ප්‍රවාහයක් අපේ රටට ගලා ගෙන එයි කියලා හුඟ දෙනෙක් කල්පනා කළා. නමුත් යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු දෙකක් ගත වුණත් ආයෝජන අනුපාතයේ ලොකු වෙනසක් වෙලා නෑ. එසේම විදේශ ආයෝජනත් වැඩිවෙලා නෑ. එහෙම නම් විදේශ ආයෝජනවලට බලපාන එකම දේ යුද්ධය පමණක් නොවෙයි කියන කාරණය පැහැදිලියි.
විදේශ ආයෝජන අපේ රටට ගලා නොඑන ප්‍රධානතම හේතුව ආයෝජන පරිසරයේ නැතහොත් ව්‍යාපාරික පරිසරයේ තියෙන අඩුපාඩුකම්. ඕනම රටක පවතින ආර්ථික පරිසරය පුරෝකථනය කිරීමේ හැකියාව කෙරෙහි හැම ආයෝජකයෙක්‌ම විශ්වාසය තබනවා. එනම් ඉදිරි අවුරුදු 25-50 ක පමණ කාලයක් තුළ රටක ආර්ථික ගමන් මඟ නිශ්චය කර ගැනීමේ හැකියාව ආයෝජකයෝ බලාපොරොත්තු වෙනව. ඊළඟට ආර්ථිකයෙ සංගතභාවය එනම් රටක ආර්ථික ප්‍රතිපත්ති සහ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතර සමානතාවක්, ගැළපීමක් තිබෙන්න ඕන. ප්‍රතිපත්ති සහ එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම අතර ප්‍රතිවිරුද්ධතාවත් තිබෙනවා නම් ආයෝජකයො ඒ රටට එන්නෙ නෑ අපේ රටේ ආර්ථිකයේ මේ පුරෝකථන හැකියාව සහ සංගතභාවය දැඩි අඩුපාඩුකම් සහිත අංශ දෙකක්.
Read full article: http://www.divaina.com/2011/11/06/feature01.html
No comments:
Post a Comment