Saturday, November 5, 2011

යුද හමුදාවෙන් සංවර්ධන හා ඉදිකිරීම් සමාගමක්‌

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

රජයේ සංවර්ධන කටයුතු කාර්යක්‍ෂමව සහ ලාභදායකව සිදු කිරීමට සහායවීම සඳහා යුද හමුදාව විසින් සංවර්ධන හා ඉදිකිරීම් සමාගමක්‌ පිහිටුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය. ඒ යටතේ මහාමාර්ග, පාලම්, නිවාස, ගොඩනැඟිලි, ක්‍රීඩාංගණ, උද්‍යාන වැනි ඉදිකිරීම් ව්‍යාපෘති සහ ප්‍රවාහන, කෘෂිකාර්මික වැනි සේවා පවත්වාගෙන යැමට මෙම සමාගම සෘජුව ඉදිරිපත් වන බවද හෙතෙම සඳහන් කළේය.

රජයේ සංවර්ධන හා ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සුළු ලාභයක්‌ සහිතව අනෙකුත් තරගකාරී සමාගම් සමග පිළිගත් ටෙන්ඩර් පටිපාටිවලට අනුව අදාළ කොන්ත්‍රාත් මෙම යුද හමුදා සමාගම විසින් ලබාගෙන එයින් රජයට විශාල මුදලක්‌ ඉතිරි කරදීමට හැකි වන බවද ඔහු කීවේය.

මෙම නව සමාගම සඳහා ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි ද යුද හමුදාපතිවරයා පැවසීය. පසුගිය සමයේ යුද හමුදාව සිය සම්පත් සහ ශ්‍රමිකයන් යොදා සිදු කළ ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යාපෘතිවලින් රජයට රුපියල් කෝටි 37 ක ලාභයක්‌ ඉතිරි කරදී ඇතැයි ද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2011/11/06/news05.html

No comments:

Post a Comment