කල්පිටිය සමූහ සහ මුන්නේශ්වරම සමූහ ඊ. සී. ප්‍රනාන්දු
ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධී ලෙස මුහුදින් ප්‍රවාහනය කළ ලක්‍ෂ අසූවක් වටිනා මුහුදු කූඩැල්ලන් ගෝනි 29 ක් ඊයේ (15) දින අලුයම කල්පිටිය තුරඅඩිය ප්‍රදේශයේ දී කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මේ ගෝනි ප්‍රවාහනය සඳහා යොදාගත් ලොරිය සමඟ එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ ඉරණතිවු දූපත්වල සිට මේ මුහුදු කූඩැල්ලන් මුහුදු මගින් කල්පිටියට ප්‍රවාහනය කරන බවත්, අනතුරුව යුරෝපීය රටවලට ඉහළ මිල ගණන් යටතේ අපනයනය කෙරෙන බවත්, ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. මේ මුහුදු කූඩැල්ලන් තොගය සහ සැකකරු පුත්තලම දිසා අධිකරණය වෙත පැමිණවීමට නියමිතය.
මේ වැටලීම කල්පිටිය සහකාර පොලිස් අධිකාරි චන්ද්‍රගුප්ත රාජපක්‍ෂ මහතාගේ අධීක්‍ෂණයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපති ඇල්ෆ‍්‍රඩ් හෙට්ටිආරච්චි, උප පොලිස් පරීක්‍ෂක විපුල් මුණසිංහ, පොලිස් සැරයන් 28160 සුසිල්, පොලිස් කොස්තාපල්වරුන් වන 76522 ලක්මාල්, 61606 අතුල, 3313 වැලිවෙහෙර, 69762 ජයසිංහ, 69768 වීරවර්ධන යන නිලධාරීහු සිදු කළහ.
http://www.dinamina.lk/2011/11/16/_art.asp?fn=n1111164
No comments:
Post a Comment