අනුරාධපුර - මධ්‍යම විශේෂ
අනුරාධපුර බීට්ටුවට අයත් නුවරගම ලෝලුගස්වැව කොටසේ රජයේ රක්ෂිතයට ඇතුළුවී තේක්ක ගස් රැසක් කපා දැමූ බවට චෝදනා ලැබූ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසුව ඔවුන් මේ මස (25) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගරගත කෙරුණේ මානවේලිය සිලම්බිඅඩිය පුත්තලම ලිපිනයේ එස්. ආර්. ප්‍රියන්ත, අනුරාධපුර පාර හතරේ කණුව පුත්තලම ලිපිනයේ එම්. පී. ඩබ්. ජී. කුමාර හා අනුරාධපුර පාර හයේ කණුව පුත්තලම ලිපිනයේ ඩබ්. ආර්. ප්‍රසන්න යන තිදෙනායි.
සැකකරුවන් ඉකුත් 15 වනදා අලුයම අනවසරයෙන් රජයේ රක්ෂිතයට හොර රහසේ ඇතුලු වී තේක්ක ගස් 15 ක් පමණ කපා දමා කැබලි 43කට වෙන්කර තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් අත්අඩංගුවට ගත් බව අඩවිවන නිලධාරී කාර්යාලය අධිකරණයට දන්වා සිටියේය. සැකකරුවන් කලක සිට ජාවාරමේ නිරතව ඇති බවත් ඔවුන් ගස් කැපීමට ගෙන ආ බණ්ඩි කියත් දෙකක්, ජංගම දුරකථන දෙකක් හා වතුර බූලියක් අත්අඩංගුවට ගත් බවත් ලී තොගයේ වටිනාකම මේ වන තුරු තක්සේරු නොකළ බවත් අධිකරණයට කියා සිටියේය.
අනුරාධපුර අඩවි වන කාර්යාලයේ අඩවිවන නිලධාරී එල්. ජී. සිරිවර්ධන මහතාගේ මෙහෙයවීම මත වන ක්ෂේත්‍ර සහකාර නිලධාරී මහේෂ් ජී. උපේන්ද්‍ර කුමාර මහතා අධිකරණයට කරුණු කීවේය.
http://www.dinamina.lk/2011/11/17/_art.asp?fn=u1111173
No comments:
Post a Comment