නොමන් පළිහවඩන
කොළඹ බ්ලූමැන්ඩල් පාරේ ඉන්ධන නළ ගමන් කෙරෙන මාර්ගයේ අනවසරයෙන් නිවෙස් තැනූ පවුල් 400 ක් සඳහා තාවකාලික නිවෙස් තනාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ඉන්ධන පර්යන්ත සමාගමේ සභාපති මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ඩී. සොයිසා මහතා "දිවයින"ට ඊයේ (10 දා) ප්‍රකාශ කළේය.
මෙම තෙල් නළ අසල මෙසේ නිවෙස් තනා ඇත්තේ වසර ගණනාවකට උඩදී දේශපාලන හිතවත්කම් මත බවද කී සොයිසා මහතා මෙම නළ අලුත්වැඩියා කිරීම සඳහා අනිවාර්යයෙන් එම නිවෙස් ඉවත් කළ යුතු බවද කීය. එම පවුල්වලට ස්‌ථීර නිවෙස් හදා දෙන තුරු ඔවුන්ට තාවකාලික නිවාස තනාදිය යුතුව ඇතැයිද ඒ මහතා පැවැසීය. පසුගිය දා කොළඹ බ්ලූමැන්ඩල් ඉන්ධන නළ කාන්දුවීමෙන් ඉන්ධන ලීටර් දහසකට අධික ප්‍රමාණයක් අපතේ ගිය බවද ඒ මහතා පැවැසීය.
Courtesy - http://www.divaina.com/2011/11/11/news12.html
No comments:
Post a Comment