පොළොන්නරුව විශේෂ ගාමිණී ඔබේසේකර
රජයේ මැති ඇමැතිවරුන් සහ ගොවි සංවිධාන නියෝජිතයන්ගේ ඉල්ලීම් නොසලකා හරිමින්, පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ගොවි ජනපදයේ මෙවර මහ කන්නයේ අක්කර 30000ක වී ගොවිතැන සඳහා පරාක්‍රම සමුද්‍රයෙන් ජලය නිකුත් කිරීම අත්හිටුවා ඇත.
මහ කන්නය සඳහා නොවැම්බර් 5 දින ජලය නිකුත් කරන ලෙසට අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා වාරිමාර්ග ඉංජිනේරු වෙත දැනුම් දී තිබුණත් එම නියෝගය නොසලකා හරිමින් කටයුතු කළේය. නොවැම්බර් 10 දින ජලය නිකුත් කරන බවට කන්න රැස්වීමේදී තීරණය කරන ලද නමුත් එම තීරණය ද ක්‍රියාත්මක කොට ඇත. මේ වනවිට පරාක්‍රම සමුද්‍රයේ අක්කර අඩි 72000ක් පිරී පවතින අතර දිනකට අක්කර අඩි 5000ක ජලය අංගම්මැඩිල්ල අමුණෙන් පරාක්‍රම සමුද්‍රයට ලැබේ.
වී ගොවිතැන සඳහා ජලය නොමැති බව ගොවීන් වෙත වාරිමාර්ග ඉංජිනේරුවන් දැනුම් දී තිබුණත් තවත් දින කිහිපයකදී වාන් දොරටු විවෘත කොට ජලය මහවැලි ගඟට මුදා හැරීමට සිදුවනු ඇතැයි ගොවි සංවිධාන නියෝජිතවරු කියා සිටිති.
http://www.dinamina.lk/2011/11/11/_art.asp?fn=n1111114
No comments:
Post a Comment