Friday, November 11, 2011

ආරක්ෂක බඳ පටි නොපළඳන රියදුරන් තුන් සැරයක් හසුවුණොත් බලපත්‍රය අහෝසියි

- නියෝජ්‍ය පොලිස්පති මැක්සි ෆ්‍රොක්ටර්

චන්ද්‍රිකා පෙරේරා

රියදුරු ආසනයේ හා ඉදිරිපස මගී ආසනයේ පුද්ගල ආරක්ෂක පටි නොපලඳා ගමන්කර තෙවන වරටත් අධිකරණය හමුවේ වරදකරු වන්නන්ගේ රියුදුරු බලපත්‍රය අහෝසි කිරීමට අධිකරණයට බලය පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති මැක්සි ෆ්‍රොක්ටර් මහතා පවසයි.

රියදුරු හා ඉදිරි මගී ආසනයේ ආරක්ෂක පටි නොපලඳවා පළමුවරට අධිකරණය හමුවේ වරදකරුවකු වූ විට ඔහු රුපියල් දහසක හෝ 1500ක දඩයකට යටත් කෙරේ. දෙවන වරට ද එම වරද සඳහා වැරදිකරු වූ අයෙකුට රුපියල් 1500 හෝ 3000කට නොවැඩි දඩයක් නියම වේ. එම වරදට තෙවන වරට ද වැරදිකරු වන අයෙකුට රුපියල් 3500ක දඩයක් නියම කිරීමට හෝ ඔහුගේ රියදුරු බලපත්‍රය අහෝසි කිරීමට අධිකරණයට බලය පැවරී ඇත. 203 වන අධිකාරිය වූ මෝටර් වාහන පනත අනුව අධිකරණය වෙත මේ බලය පැවරී ඇත. ඉකුත් ඔක්තෝබර් පළමු වැනිදා සිට එය ක්‍රියාත්මක විය.

එම පනතේ 2011 අංක 3 දරන මෝටර් වාහන (ආසන පටි) නියෝගවලට අනුව ඉංග්‍රීසි අක්ෂර දෙකකට පසු පළාත් අක්ෂර දෙකක් හෝ ‘ච්ර්‍ථ’ යන අකුරු සමඟ ඇති අංක හතරක් හෝ ඉංගී‍්‍රසි අකුරු තුනකට පසු පළාත් අක්ෂර දෙකක් හෝ “ච්ර්‍ථ” යන අකුරු සහ අංක හතරකින් සමන්විත සෑම මෝටර් වාහනයකටම මේ නියෝග අදාළ වේ.

ඉහත අංක සහිත මෝටර් ලොරි හා මෝටර් කෝච් රථ සම්බන්ධයෙන් රියදුරු හා ඉදිරි මගී ආසන ආරක්ෂක පටි පැලඳවීම අනිවාර්ය බව බස්නාහිර පළාත, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන හා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා සඳහන් කළේය.


http://www.dinamina.lk/2011/11/11/_art.asp?fn=n1111117

No comments:

Post a Comment