Sunday, November 20, 2011

අධිවේගයට හොරෙන් ආවොත් රුපියල් 5000 ක් දඩ

තාරක වික්‍රමසේකර

කොට්ටාව සිට ගාල්ල දක්වා දිවෙන අධිවේඟී මාර්ගය ලබන ඉරිදා (27) විවෘත වන අතර මෙම අධිවේඟී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වන පුද්ගලයන්ට සහ අනුමත නොකළ වාහන සඳහා රුපියල් 5000 ක දඩ මුදලක් නියම කරනු ලබන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් මෙම මාර්ගයේ ගමන් කළ හැකි නිසා එහිදී සිදුවීමට ඉඩ ඇති අනතුරු අවම කර ගැනීමට ආරක්ෂක වැට පවා ඉදිකර ඇතැයි ද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම අධිවේඟී මාර්ගය වාහන ධාවනයට විවෘත වීමෙන් පසුව කුමන හේතුවක් නිසාවත් සාමාන්‍ය ජනතාවට මෙහි පා ගමනින් යෑමට ඉඩ නැති බවත් එසේ අනවසරයෙන් ඇතුළු වන්නන් සඳහා මේ නීතිය අකුරට ක්‍රියාවට නංවන බව ද අධිකාරිය කියයි.

http://www.silumina.lk/2011/11/20/_art.asp?fn=aa1111207

No comments:

Post a Comment