සුභාෂිණී ජයරත්න
කොළඹ වරාය, දකුණු ආසියාවේ විශාලතම වරාය බවට පත්වෙයි. ඒ සඳහා වූ ව්‍යාපෘතිය දෙසැම්බර් 01 දා ආරම්භ කිරීමට නියමිතය. මේ යටතේ බහළු පර්යන්ත තුනක් පුළුල් කෙරේ. මේ අනුව කොළඹ වරායේ සමස්ත බහළුම් ඒකක ධාරිතාව මිලියන 13 දක්වා ඉහළ නැංවේ.
අදියර 3ක් යටතේ සංවර්ධනය වන කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය, බහාළු පර්යන්ත තුනකින් යුතුªවන අතර එක් පර්යන්තයක ධාරිතාව බහළුම් ඒකක මිලියන 2.4ක් වේ. ඒ අනුව කොළඹ වරායේ බහළුම් ඒකක ධාරිතාව මිලියන 13.0 දක්වා වර්ධනය කිරීමට නියමිතය. දෙසැම්බර් මස 01දා ආරම්භ කෙරෙන දකුණු බහළු පර්යන්තයේ පළමු මීටර් 600 ඉදිකිරීම 2014 වනවිට අවසන් කොට මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ද නියමිතය. දකුණු බහළු පර්යන්තය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම 2016 වනවිට අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා වන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් ලෙස ඇස්තමේන්තු ගතකොට ඇත.
අනිකුත් වරායන් සමඟ තරගකාරීව කටයුතු කිරීමේ අරමුණින් කොළඹ වරාය පුළුල් කෙරෙන අතර මේ වෙනුවෙන් ඉදිකිරීමට නියමිත පර්යන්ත තුනේ මුළු දිග මීටර් 1200ක් වන අතර එක් පර්යන්තයක් සඳහා නැංගුරම් පොළ 4ක් ඉදිකෙරේ. මෙහි විශේෂත්වය වන්නේ අනාගතයේ නිර්මාණය වන විශාල නෞකාවන් සඳහා අවශ්‍ය වන පරිදි ගැඹුර මීටර් 23 දක්වා වැඩි කිරීමට ද නියමිතය.
http://www.silumina.lk/2011/11/20/_art.asp?fn=aa1111206
Green Movement Blog lists news and issues related to environment and development of Sri Lanka since June 2011. It is maintained by The Green Movement of Sri Lanka (GMSL), an organization concerned with environmental conservation and sustainable development.
No comments:
Post a Comment