ශිරාන් රණසිංහ
විදුලි බලාගාර ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට තවමත් තද වැසි පතිත නොවන නිසා ජල විදුලි බලාගාරවල විදුලි නිෂ්පාදනය සියයට විසිපහ මට්‌ටමේම තවමත් ඇතැයි විදුලිබල මණ්‌ඩලය පවසයි.
රට පුරා බොහෝ ප්‍රදේශවලට තද වැසි පතිත වුවත් විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි නොවැටීම නිසා තවමත් ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය වැඩි වශයෙන් නිපදවීමට සිදුව ඇතැයි ද විදුලිබල මණ්‌ඩලය පෙන්වා දෙයි.
මේ වන විට ඩීසල් විදුලි බලාගාරවලින් විදුලිය නිපදවීම හා පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාගැනීමට සිදුව තිබීමෙන් දිනකට විදුලිබල මණ්‌ඩලයට රුපියල් කෝටි දොළහක පාඩුවක් සිදුවන බවට ගණන් බලා ඇත.
කෙසේ වෙතත් ඉදිරි සති දෙක තුන තුළ ජල විදුලි බලාගාර ප්‍රදේශවලට වැසි වැටෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
http://www.divaina.com/2011/11/02/news13.html
No comments:
Post a Comment