Wednesday, November 2, 2011

මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් නොලැබී ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම නතර කරයි

හොරණ - විධුර විජයනාථ

මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් නොලැබීම හේතුවෙන් ගොවීන්ට ලැබෙන ගොවි විශ්‍රාම වැටුප ඊයේ (01 දා) සිට නතර කර ඇත. මේ බව ගොවි විශ්‍රාම වැටුප් ගෙවන සියලුම තැපැල් කාර්යාල වෙත කෘෂිකර්ම මණ්‌ඩලය විසින් දැනුම් දී ඇත. ගොවි විශ්‍රාම වැටුපට දායක වූවන්හට මෙම විශ්‍රාම වැටුප සෑම මසකම මුල් සතිය තුළදී ගෙවනු ලැබිණි.

මේ වන විට ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට දායක වී සිටින මුළු සාමාජික සංඛ්‍යාව ලක්‍ෂ නවයකට ආසන්න වෙයි. ඉන් පුද්ගලයන් ලක්‍ෂයකට පමණ මේ වන විට විශ්‍රාම වැටුප හිමිවෙමින් තිබිණි.

මහා භාණ්‌ඩාගාරයෙන් මසකට කෝටි 15 ක පමණ මුදලක්‌ ගොවි විශ්‍රාම වැටුප සඳහා වැයකර ඇත.

එම මුදල් මුල් කාලයේදී ගොවි විශ්‍රාම වැටුප් අරමුදලෙන් ගෙවා ඇතත් අනතුරුව එම අරමුදලෙහි මුදල් නොමැති වූ පසුව මහා භාණ්‌ඩාගාරයෙන් මුදල් ගෙවා ඇත.

පසුගිය කාලයේදී කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් හරහා ගම්වල සිටින බොහෝ ගොවීන් මෙම අරමුදලට දායක කරගත් අතර ගෙවීම් නතර කිරීමත් සමඟ මේ අලුත් සාමාජිකයෝ දැඩි අපහසුතාවකට මුහුණපා සිටිති.

http://www.divaina.com/2011/11/02/news08.html

No comments:

Post a Comment