Monday, November 7, 2011

දෙහිවල දී උපන් "සකි ෆෝ" පළමු උපන් දිනය සමරයි

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්‌. පී. ආරියරත්න - රත්මලාන

ඉන්දුනීසියාවේ රගුනන් සත්වෝද්‍යානයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට රැගෙන එන ලද අකී (මව) සහ යූෆෝ (පියා) යන ඔරං ඔටං යුවළට දාව උපත ලද සකි ෆෝ නමැති ඔරං ඔටං පැටවාගේ පළමුවැනි උපන් දිනය පසුගිය සිකුරාදා (04 වැනිදා) දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සමරනු ලැබීය.

මෙම ඔරං ඔටං යුවළ 2003 වර්ෂයේදී ලංකාවට රැගෙන එනු ලැබූහ. ඒ වන විට අකී (මව) තුන්හැවිරිදි වියේ පසු වූ අතර යූෆෝ (පියා) සිව්හැවිරිදි වියේ පසුවූහ. මෙම ඔරං ඔටං සත්ත්ව විශේෂය වඳවී යමින් පවතින සත්ත්ව විශේෂයක්‌ ද වේ.

මෙම ඔරං ඔටං ගැහැනු සත්ත්වයාගේ ගර්භණී කාලය දින 265 ක්‌ වන අතර, මොවුහු "බෝනියෝ" වර්ගයේ ඔරං ඔටං විශේෂයට අයත් වෙති.

වනාන්තරයේ මිනිසා ලෙසින් හැඳින්වෙන මෙම සත්ත්ව විශේෂය දැනට ලෝකයේ සිටිනුයේ 3000 ත් 4000 ත් අතර ප්‍රමාණයක්‌ බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා "දිවයින" ට පැවසීය.

සකිෆෝ පැටවාගේ පළමු උපන් දිනය සමරන අයුරු මෙහි දැක්‌වේ. එම අවස්‌ථාවට සහභාගි වූ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්‍ෂ භාෂ්වර සේනාංක ගුණරත්න, පශු වෛද්‍ය ජගත් ජයසේකර යන මහත්වරුද මෙහි වෙති.

http://www.divaina.com/2011/11/07/news13.html

No comments:

Post a Comment