පරකඩුව/ ඇහැලියගොඩ - බී. ජී. විමලවංශ
වසර දාහතක් තිස්‌සේ විදුලිය ඉල්ලා සිටි ජනතාවකට සබරගමුව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය මහීපාල මහතා මැදිහත් වී විදුලිය ලබාදී පැය හතරක් යන්නට මත්තෙන් ප්‍රදේශය නියෝජනය කරන කැබිනට් ඇමැතිවරියකගේ නියෝගයෙන් විදුලිය විසන්ධි කිරීමේ අපූරු පුවතක් පසුගියදා සිදු විය.
මෙම සිද්ධිය ඇහැලියගොඩ අති දුෂ්කර ගම්මානයක් වන ගේට්‌ටුකඩේ - කීනගහවිල අක්‌කර 40 ගම්මානයේ සිදුවී තිබේ. සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල (එජාප) මහතාගේ ඉල්ලීම පරිදි සබරගමුව පළාත් සභාව මෙම ගමට විදුලි සඳහා රු. 352,800/- ක් ලබාදී තිබිණි. මේ අනුව ගමට එම මුදලින් කණු 9 ක් සිටුවා කම්බි ඇද පසුගියදා 9 දා ප.ව. 5.00 ට විදුලිය දීමට නියමිත තිබිණි. මෙම විදුලි මාර්ගයේ ඇමැතිතුමිය මැදිහත්ව විදුලි කණු 4 ක් සිටවා ඇති බැවින් ඊට විදුලිය ලබාදෙනතුරු ගමට විදුලිය ලබා නොදෙන ලෙස ඇමැතිතුමිය විදුලි බල මණ්‌ඩලයට දන්වා තිබිණි. නමුත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා 9 දා එළිය ලබාදෙන ලෙස මණ්‌ඩලයට දැනුම්දී තිබිණි.
මෙම ඇමැතිනීs කණු 04 සිටුවා වසර 4 ක් බව ජනතාව පවසති. පළාත් සභා මන්ත්‍රී කිරිඇල්ල මන්ත්‍රීවරයා ප.ව. 5.00 විදුලිය විවෘත කිරීමට ගියත් විදුලිබල මණ්‌ඩලය පැමිණ සිටියේ නැත. ප්‍රශ්න ගැටලු මධ්‍යයේ රාත්‍රි 9.00 ට විදුලිය ලැබිණි. පැය 1/2 ක් ගිය විට කිසියම් පිරිසක් විදුලි පියුසයක් ගලවා ගෙන ගොස් යළි ගම අඳුරු විය. යළි රාත්‍රි 12.00 ට විදුලි බලමණ්‌ඩලය පැමිණ විදුලිය විසන්ධි කර ඇත.
Courtesy - http://www.divaina.com/2011/11/12/provin02.html
No comments:
Post a Comment