Friday, November 11, 2011

Climate change, social justice need urgent action - SL President (3 items)

සමාජ සාධාරණත්වය සහ දේශගුණික විපර්යාසය ගැන සාකච්ඡා නොකර වහාම කටයුතු කළ යුතුයි
- මාලදිවයිනේ අද්දු නගරයේ පැවැති 17 වැනි සාර්ක්‌ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනපති මහින්ද රාජපක්‍ෂ කියයි


සමාජ සාධාරණත්වය සහ දේශගුණික විපර්යාසය යන කරුණු පිළිබඳව අප කළ යුත්තේ තවදුරටත් සාකච්ඡා කිරීම නොව වහාම කටයුතු කිරීම බව මාල දිවයිනේ අද්දු නගරයේ පැවැති 17 වැනි සාර්ක්‌ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

අපගේ ජනතාවන්ට සේවය සැලසීමට සාර්ක්‌ සංවිධානය සැබැවින්ම ශක්‌තිමත් මෙවලමක්‌ කර ගැනීමට අපට ඇති කැපවීම සාමූහිකව ශක්‌තිමත් කරගනිමු යෑයිද ජනපතිවරයා කියා සිsටියේය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමුළුව අමතා කළ කතාව මෙසේය.

මෙම සමුළුවේ දී අත්සන් කරනු ලබන සාර්ක්‌ ගිවිසුම් ක්‍රියාවට නැංවීම තුළින් විශේෂයෙන්ම වෙළෙ¹ම සහ ආයෝජන ක්‌ෂේත්‍රයන්හි කලාපයේ සහයෝගිතා රාමුව තවදුරටත් ශක්‌තිමත් වනු ඇත.

සාර්ක්‌ කලාපයට අසහාය ශක්‌තියකින් යුත් මිනිස්‌ සම්පත් තිබෙන බව අපි කවදත් විශ්වාස කරමු. අප ජනතාව සතු සහජ කුසලතාව සහ නිර්මාණශීලීත්වය අපේ ජාතීන්ට ඇති විශාලම ශක්‌තිය වේ. එහෙයින් අප කලාපයේ ජනතාවගේ කුසලතා ඵල ගැන්වීම සඳහා අනුබලයක්‌ ලබා දීම සාර්ක්‌ කලාපයේ රටවල නායකයින් වන අපගේ පරම යුතුකමකි.

සමාජීය ක්‍රියාකාරී වැඩසටහන්වලට අපි ඇප කැප වී සිටින්නේ සමාජයේ කිසිම කොටසකට දියුණුවීමට ඇති අවස්‌ථා ගිලිහී යැම වැළැක්‌වීම සහතික වීමටයි. බොහෝ කාලයක්‌ අත්‍යවශ්‍ය පහසුකම් හිඟවූ අපගේ ග්‍රාමීය පාසල් දියුණු කිරීමට අපගේ කලාපයේ රටවල් ප්‍රමුඛත්වයක්‌ දිය යුත්තේ පරිපූර්ණ අධ්‍යාපනයක්‌ ලබා දීමටය.

අනාගතයේ අභිමානවත් වැඩදායී පුරවැසියන් ලෙස හිස ඔසවා සිටීමට හා පිරිපුන් දිවියක්‌ ගත කිරීමට අපගේ පාසල් දරුවන්ට හැකියාව ලබාදීමට එය අත්‍යවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ ජීවත්වන අපි සමාජ චලනය කෙරෙහි දැඩි විශ්වාසයක්‌ තබා ඇත්තෙමු. අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සහ නවීන සන්නිවේදනය සියලු දෙනාටම සලසා දිය යුතුය. දේශපාලන වශයෙන් බලවත්වීමේ වාසි පූර්ණ වශයෙන් අපේ ජනතාවට විඳිය හැක්‌කේ මෙමගින් පමණක්‌ වන බැවින් අපගේ රාජ්‍යයන් අවම වශයෙන් එයවත් ජනතාවට සලසා දිය යුතුය.

නොදැනුවත්කම, ලෙඩරෝග සහ දරිද්‍රතාව අපේ ජාතීන්ගේ පොදු සතුරෝ වෙති. මේ මොහොතේදී මෙම උපද්‍රවවලට එරෙහිව සටන් කිරීමට එළැඹෙන පොදු ප්‍රවේශයන් අපගේ රාජ්‍යයන් විසින් මුලපුරන්නා වූ වෑයම්වල මුලට පැමිණිය යුතුය. සමාජ සමානාත්මතාව ආර්ථික වර්ධනය සමඟ එක්‌ව යා යුතුය.

අපේ ජනතාවට එදිනෙදා ජීවිතයේ දී ආර්ථික ප්‍රතිලාභවලින් ප්‍රයෝජන ලබාගැනීමට අවස්‌ථාව සලසා දිය යුතු බව අපගේ දැඩි විශ්වාසය වන අතර මෙය කළ හැක්‌කේ වඩා හොඳ යටිතල පහසුකම් සලසා දීමෙනි. ආර්ථික සංවර්ධනයෙන් සැලසෙන ප්‍රතිලාභ නිරායාසයෙන් බිම් මට්‌ටමට ගලා නොබසී. මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා අපේ රජයන්ගේ නිසි මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. මේ සියල්ල ඉෂ්ටසිද්ධ කරගැනීම සඳහා අපේ කලාපය තුළ සාමය සහ ආරක්‍ෂාව අත්‍යවශ්‍ය වේ.

සාර්ක්‌ කලාපයේ ජනතාවගේ සුබසිද්ධිය සහ සැමට ගැළපෙන නිශ්චිත රාමුවක්‌ තුළ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට නොහැකි බව අපගේ තවත් විශ්වාසයකි. අපගේ ශිෂ්ටාචාරයන් විසින් පෝෂණය කර ඇති අගයන් අපට ඇති හා අප අගය කරන්නා වූ උරුමයන්හි අත්‍යවශ්‍ය කොටසක්‌ පිළිඹිබු කරයි. අපේ මුතුන්මිත්තන්ගේ ජයග්‍රහණයන් හා විශ්වාසයන් පිළිබඳව අපට සාධාරණ අභිමානයක්‌ ඇති බැවින් මේ සම්බන්ධයෙන් අපි කිසිවකුට යටත් නොවෙමු.

ආහාර හා බලශක්‌ති සුරක්‌ෂිතතාව, පරිසර සංරක්‍ෂණය හෝ ත්‍රස්‌තවාදයේ ඵල විපාකවලින් අපේ සමාජයන් ආරක්‍ෂා කරගැනීම සාර්ක්‌ කලාපයේ රටවලට මුහුණ දීමට සිදු වූ දරුණු අභියෝගයන්ය. කෙසේ වුවද අප සතුව තිබූ දැනුම් සහ අත්දැකීම් සම්භාරය උපයෝගී කර ගෙන එම අභියෝගයන්ට මුහුණ දීමට අපට ශක්‌තිය ලැබී ඇත.

අප ජාතීන්ට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් ජය ගැනීම සඳහා අපට උදව් වූයේ පරම්පරාවෙන් පරම්පරාවට දායාද වූ සංස්‌කෘතික සම්ප්‍රදායන්, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මිස වෙනත් රටවලින් ආනයනය කරන ලද විසඳුම් නොවේ. පාරිසරික සමතුලිතතාව සඳහා අප ප්‍රයෝජනයට ගෙන ඇත්තේ දේශීය වශයෙන් ලබාගත් විසඳුම්ය. මේ ස්‌වදේශීය විසඳුම්වල අගය පවතින්නේ තිරසාරත්වය මතය.

සාක්‌ කලාපයේ රාජ්‍යයන් සංවර්ධනය සඳහා අනුගමනය කරන තවත් පොදු ලක්‌ෂණයක්‌ ඇත. එනම් අපි කිසි කලෙක මුදලින් හෝ මුදල් වටිනාකමින් පමණක්‌ සංවර්ධනය තක්‌සේරු කිරීම ප්‍රතික්‌ෂේප කළෙමු. අප නියෝජනය කරන ජනතාව සඳහා සංවර්ධනයට මෙයට වඩා අගනා මිනුම් දණ්‌ඩක්‌ උචිතය. අපගේ ආගමික කර්තෘවරුන් විසින් අප තුළ ජනිත කළ අභ්‍යන්තර සිත් සැනසිල්ල, තෘප්තිමත් බව හා සෑහීමකට පත්වීම අපේ සංවර්ධන දර්ශනයේ හරයයි.

ගැඹුරු ආධ්‍යාත්මික විශ්වාසයන් අපේ ජීවිතවල ප්‍රධාන කොටසකි. අප ජීවත් වන අර්බුදකාරී ලෝකයේ මෙම දර්ශනයට වඩා උචිත වූ ද, අවශ්‍ය වූද වෙනත් දර්ශනයක්‌ නොමැති බව අප හොඳින් සැලකිල්ලට ගත යුතුය.

අපගේ සංවිධානයේ පොදු ශක්‌තිය උකහා ගෙන අපේ ජනතාවට ඔවුන්ට ලැබිය යුතු කැපවීමෙන් සේවය කිරීමට සාර්ක්‌ නායකයින් ලෙස අපව පෙළඹවීමේ තෝතැන්න වන්නේ මෙම කරුණුය. අප අවට දක්‌නට ඇත්තේ ක්‌ෂණික ඉල්ලීම් හා බොහෝ විට නොඉවසිලිභාවයන්ය. මෙය එසේ වන්නේ අපේ සමාජයන්හි විශාලතම හා බලපෑමක්‌ කළ හැකි කොටසක්‌ වන්නේ නව අදහස්‌වලින් පිරී ඔවුන් සඳහාම වූ දීප්තිමත් අනාගතයක්‌ බලාපොරොත්තුවෙන් සිටින තරුණ කොටස්‌ බැවිනි. ඔවුන්ට බොහෝ කල් බලා සිටීමට කාලය ගත කිරීමට නොහැකිය. ඉවසීමට සීමාවක්‌ ඇත.

අපේ සැලකිල්ලට භාජන විය යුතු කරුණු අතර විශේෂයෙන් සමාජ සාධාරණත්වය සහ දේශගුණික විපර්යාස යන කරුණුවලට කළ යුත්තේ තවදුරටත් සාකච්ඡා කිරීම නොව වහාම කටයුතු කිරීමයි. අපේ මේ අද්දු නගරයේ පවත්වන සමුළුවේ තේමාව අෙන්‍යාන්‍ය සබඳතා වැඩිදියුණු කර ගැනීමයි. අපගේ කලාපය තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන සබඳතා තුළින් අපගේ ජාතීන්ගේ සුබසාධනය වෙනුවෙන් ඉහළ මට්‌ටමේ සාර්ථකත්වයක්‌ ළඟාකර ගැනීමේ අපට ඇති හැකියාවේ යථාර්ථය මෙයින් උද්දීපනය කරයි. අපගේ ජනතාවගේ අභිමතාර්ථයට අනුව ඔවුන්ට නිසි සේවය පුද කිරීමට අවශ්‍ය කැපවීම හා දෘෂ්ටිය අප සියල්ල තුළ ඇති බව විශ්වාසය.

එහෙයින් අපගේ ජනතාවන්ට සේවය සැලසීමට සාර්ක්‌ සංවිධානය සැබැවින්ම ශක්‌තිමත් මෙවලමක්‌ කරගැනීමට අපට ඇති කැපවීම සාමූහිකව ශක්‌තිමත් කරගනිමු.

ධම්ම පදයෙන් ප්‍රකාශිත වූ බුදු වදන මෙහිදී සිහියට නඟා ගනිමු. අත්තාහි අත්ත නො නාතෝ කෝ හි නාතෝ පරෝසියා තමාගේ පිහිටට ඇත්තේ තමාමය. වෙනත් කෙනකුට කළ හැකි වන්නේ කුමක්‌ද? යනු ඒ බුදු වදනයි.

ඔබ සැමට තෙරුවන් සරණයි

Courtesy - http://www.divaina.com/2011/11/11/news17.html


President tells SAARC climate change, social justice need urgent action

President Mahinda Rajapaksa yesterday told the 17th SAARC Summit in the Maldives that issues needing urgent attention, particularly in the area of social justice and climate change require not further discussion but immediate action.

"I am certain that we have in this hall sufficient resolve and vision to deliver effectively, according to the expectations of our peoples. Let us, therefore, collectively strengthen our resolve and make SAARC a really potent instrument for the service of all our people," the President appealed to the leaders of SAARC in Addu City.

Following is the text of President Rajapaksa’s speech It is my great pleasure to be present in this beautiful and scenic Addu City of the Maldives for the 17th SAARC Summit. I wish to thank President Nasheed and the people of the Maldives for the excellent hospitality.

President Nasheed, today is a most memorable day for your country as you assume the Chairmanship of SAARC. I wish to extend to you and to the people of the Maldives, the unwavering support and best wishes of the Government and the people of Sri Lanka as you seek to steer our organization to greater achievement.

Excellencies, before I proceed further, may I take this opportunity to pay my tribute to the outgoing Chair, Prime Minister Thinley, who has provided an outstanding leadership to SAARC during Bhutan’s Chairmanship. It may not be out of place, if I avail of this Forum to convey our warmest greetings to His Majesty the King of Bhutan on his tying the nuptials.

I also wish to compliment Ms. Fathimath Dhiyana Saeed, the first ever female Secretary General of SAARC and her team for their devotion and efficient work.

During this Summit in the Maldives, the signing of a number of SAARC Agreements will upon implementation, further strengthen the framework for regional cooperation especially in the fields of trade and investment.

We have always believed in the unique potential of our human resources in the SAARC region. The talent and creativity of our people is the greatest strength of our nations. We, the leaders of SAARC countries have, therefore, a sacred duty to nurture and develop the skills of our people and enable the full flowering of their personality.

This is why we have been strongly committed to programmes of social action which ensure that access to opportunity is not denied to any segment of society. Schools in the rural hinterland, which have been deprived of essential facilities for so long, must be upgraded as a matter of priority in all our countries to provide total education.

This is necessary to enable our school children to live a full life and take their place with their heads held high as worthy citizens of the future.

We in Sri Lanka are passionate believers in social mobility. Education, health facilities and modern communication, must be made available to all. Governments owe no less to our people, as it is only in this way that the advantage of political empowerment can be enjoyed in full measure by our people.

Ignorance, disease and poverty are the common enemies of all our nations. Common approaches to combating these evils must go to the root of initiatives by our governments at this time. Social equity must go hand in hand with economic progress.

One of our deepest convictions is that economic progress comes alive in the everyday experience of our people only if it is manifested in better infrastructure. Benefits arising from economic development do not automatically percolate down to the grassroots level. Proper intervention by governments is necessary in our region to achieve this objective. A necessary condition for achieving all these is peace and security throughout our region.

Another of our convictions is that, in formulating policies for the well-being of the peoples of SAARC, we need to recognize that there is no size that fits everyone. The values nurtured by our civilizations represent an essential part of the legacy we inherit and cherish. We yield to no one in the pride we legitimately feel in the achievements of our ancestors, and what they believed in.

Whether in regard to food and energy security, the preservation of the environment or protection of our societies against the consequences of terrorism, the challenges we face within SAARC are certainly formidable. However, we are sustained by a reservoir of insights and experience that equip us for this task.

Our own cultural traditions and the aspirations and beliefs which have been handed down from generation to generation must be the basis of the solutions we evolve to the issues confronting our nations and not solutions imported into our societies. Sustainability is a hallmark of home-grown solutions.

Approaches to development which SAARC nations follow have another feature in common. That is, we have consistently refused to measure development solely in terms of money, or money’s worth. The people we represent are worthy of a more wholesome yardstick of development.

Deep-rooted spiritual convictions are an essential part of our lives. An inner peace of mind and a sense of contentment and satisfaction, instilled in us by the founders of our great religions, lie at the core of our philosophy of development. In the troubled world in which we live, we must surely reflect that there is no other age in which this philosophy was more relevant, or more desperately needed, than it is today.

These are the well-springs of our motivation, as leaders of SAARC, to draw upon the collective strength of this Organization to serve our peoples with the commitment and dedication they deserve. What is evident around us is a mood of urgency and even impatience. This is especially so, because a large and influential part of our societies consists of young people, inspired by new ideas and looking forward with enthusiasm to a promising future for themselves. They cannot be kept waiting for long. Patience is not infinite.

The issues which call for our attention, particularly in the areas of social justice and climate change, require not further discussion but immediate action. The theme of our deliberations here in Addu City, "Bridge Building", highlights the reality that rapidly improving connectivity in our region makes it possible for us to reach out to higher levels of achievement for the benefit of our nations.

I am certain that we have in this hall sufficient resolve and vision to deliver effectively, according to the expectations of our peoples. Let us, therefore, collectively strengthen our resolve and make SAARC a really potent instrument for the service of all our peoples.

Let us remember the wise words of Lord Buddha who declared in the Dhammapada – Atta hi attano natho, kohi natho paro sia – One’s solace lies in oneself, what other master could there be?!

May the Noble Triple Gem Bless you all!

Courtesy - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=38799


President tells SAARC: ‘Now is the time for action’

*Our people’s talent, creativity greatest strength of our nations
*Social equity must go hand in hand with economic progress



The issues which call for our attention, particularly in the areas of social justice and climate change, require not further discussion but immediate action, said President Mahinda Rajapaksa in his address to the 17th SAARC Summit, held in Addu City of the Maldives. “What is evident around us is a mood of urgency and even impatience,” the President said.

“This is especially so, because a large and influential part of our societies consists of young people, inspired by new ideas and looking forward with enthusiasm to a promising future for themselves. They cannot be kept waiting for long. Patience is not infinite,” he added.

President Rajapaksa said that whether in regard to food and energy security, the preservation of the environment or protection of our societies against the consequences of terrorism, the challenges we face within SAARC are certainly formidable.

“However, we are sustained by a reservoir of insights and experience that equip us for this task. The theme of our deliberations here in Addu City, ‘Bridge Building’, highlights the reality that rapidly improving connectivity in our region makes it possible for us to reach out to higher levels of achievement for the benefit of our nations,” the President added.

The text of the speech: Read in full - http://www.dailynews.lk/2011/11/11/pol01.asp

No comments:

Post a Comment