සුහදශීලීව විසඳුම් ලබාගැනීමේ එකඟතාවක්
ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාවේ උතුරු පළාත ආශි‍්‍රත මුහුදු තීරයේ ධීවර කටයුතු සඳහා පැමිණීම නිසා මතුව ඇති ගැටලු සුහදශීලීව විසැඳිම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහත්වරුන්ගේ අවධානය යොමු වේ.ශ්‍රී ලංකාවේ උතුරේ ධීවර ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ ඉන්දීය අගමැතිවරයා දැනුවත් කළ ජනාධිපතිවරයා පසුගිය මාස 10 ක කාලයේ දකුණු ඉන්දීය ධීවර යාත්‍රා 43,700 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මසුන් ඇල්ලීම සඳහා පැමිණ ඇති බව පැවසීය.
මෙම ගැටලුව ඉතා සුහදශීලී අන්දමින් විසඳා ගැනීමට හැකි කරුණක් බව මෙහිදී අවධාරණය කෙරුණු අතර ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ද නායක දෙපළ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. මේ අදහස් පළ කෙරුණේ ජනාධිපතිවරයා හා ඉන්දීය අගමැතිවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදීය. සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට ගොස් සිටින රාජ්‍ය නායක දෙපළගේ සාකච්ඡාව මාලදිවයිනේ විලිංගිලි දූපතේ ෂැන්ග්‍රිලා හෝටලයේ දී පෙරේදා (10) පැවැත්විණි.
උතුරු ප්‍රදේශයේ අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කරවීමේ දී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳ ද මෙහිදී ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළ අතර, එම ජනතාවට මෙම අවස්ථාවේ දී වඩාත් වැදගත් වන්නේ ස්ථිර නිවාස ලබා දීම බව ද පෙන්වා දුන්නේ ය. ඒ සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් සිදු කෙරෙන කාර්යභාරය පිළිබඳ ද ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළේය. සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉදි කිරීම්වල ප්‍රගතිය පිළිබඳ ද මෙහිදී සාකච්ඡා විය.
මීට අමතරව දෙරටට මෙන්ම කලාපීය වශයෙන් වැදගත් වන්නා වූ කරුණු රැසක් පිළිබඳ ද නායක දෙපළ සාකච්ඡා කළහ. මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක, සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සජින් වාස් ගුණවර්ධන, ඒ.එච්.එම්. අස්වර්, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඩික්සන් දෑල යන මහත්වරු ද එක්ව සිටියහ.
http://www.dinamina.lk/2011/11/12/_art.asp?fn=n1111121
No comments:
Post a Comment