ග්‍රාමාරක්ෂක භටයෙක් ජාවාරම මෙහෙය වූ බව හෙළි වෙයි
පොළොන්නරුව විශේෂ - ගාමිණී ඔබේසේකර
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ජීවත් වන ඇතුන් හා දිවියන් මරා ඇත්දළ හා කොටිදත් ලබාගෙන ඒවා අලෙවිකිරීමේ ජාවාරමක් අණාවරණය කර ගැනීමට පොළොන්නරුවේ පුලස්තිගම පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. පොලිසියට ලැබුණ තොරතුරක් මත කිරිමැටි දමන ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදී ඇත් දළ දෙකක්. කොටි දත් තුනක්, ගෝනකුගේ අං තට්ටුවක්, බෝර 12 පතරොම් 2 ක් , ටී 56 ජීව උණ්ඩ 1 ක්, අත්අඩංගුවට ගැනීමට පුලස්තිගම පොලිසියේ නිලධාරින්ට හැකිවිය.
පොලිසියට අනුයුක්තව සිටි ග්‍රාමාරක්ෂක භටයකු විසින් මෙහෙයවන ලද කණ්ඩායමක් විසින් මෙම සතුන් වෙඩි තබා ඇතැයි පොලිසිය සැකකරයි. මෙම සිද්ධිය පිළිබඳ සැකකරන ග්‍රාමාරක්ෂක භටයා වනෝද්‍යානය තුළ ජීවත්වන අලි - ඇතුන් හා කොටින් හා මුවන් මරා ඇත්දළ හා කොටි දත් , මුව අංතට්ටු රැගෙන ඒවා ඉහළ මිලකට අලෙවි කළ බවට තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවස වටලන අවස්ථාවේදී ඔහු නිවසෙන් පළා ගොස් ඇති අතර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඇත් දළ ජෝඩුවක් ඇතුළු පතරොම් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ බිරිය සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (11) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පුලස්තිගම පොලිස් ස්ථානාධිපති, ඒ.එම්.පී. පුෂ්පකුමාර, උප පොලිස් පරීක්ෂක ආර්.ඇම්.ලොකු බණ්ඩා මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබීය.
http://www.dinamina.lk/2011/11/12/_art.asp?fn=n11111210
No comments:
Post a Comment