Monday, November 14, 2011

වතු සේවකයෝ ගාල්ලේදී උද්ඝෝෂණයක


වතු සමාගම් යටතේ පාලනය වන වතුවල සේවක සේවිකාවන් තම වැටුප් විෂමතා ඉවත්කර තමන්ට හිමි වැටුප් ලබාදෙන ලෙස හාම්පුතුන්ට බලකිරීමේ උද්ඝෝෂණයක්‌ පෙරේදා (13 දා) ගාල්ල ප්‍රධාන බස්‌ නැවතුම් පොළ ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය ලංකා වතු සේවා සංගමය විසින් සංවිධානය කර තිබූ අතර එම සංගමයේ සාමාජික සාමාජිකාවන් දහසක්‌ පමණ දෙනා සහභාගි විය. ලංකා වතු සේවා සංගමයේ ලේකම් සනත් අමරකෝන්, සභාපති ධම්මික අමරසිංහ යන මහත්වරු සහභාගි වූහ.

උද්ඝෝෂණකරුවන් ගාලු නගරයේ පෙළපාලි යැමට උත්සාහ කිරීමේදී පොලිසිය මැදිහත් වී නතර කිරීමට උත්සහ ගත්තේය. පසුව පෙළපාලිය ටික දුරක්‌ ගොස්‌ උද්ඝෝෂකයෝ විසිර ගියහ.

වංචාවල අතිරේක - ගැමුණු චන්ද්‍රලාල්

http://www.divaina.com/2011/11/14/news14.html

No comments:

Post a Comment